සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (22) කොළඹ සී. සී. සී. පිටියේ දී නිමා වූ විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ දීමට සත්කාරක ක්‍රීඩිකාවන්ට සිදු වූහ. ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 2-0ක් සේ ඉදිරියට පැමිණීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පළමු විස්සයි විස්ස තරගයෙන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 13ක ජයග්‍රහණයක් ලැබූ අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන ලදි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාවට තියුණු සටනක් දෙයි
ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (19) කටුනායක නිදහස් වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ලකුණු 13ක තියුණු පරාජයක්…
කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 131ක් ලබා ගත්හ .ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ශෂිකලා සිරිවර්ධනයි. ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තාය.
ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම යසෝධා මෙන්ඩිස් සහ නායිකා චමරි අතපත්තු ආරම්භ කළ ද, යසෝධාට අද තරගයේ දී සාර්ථක වීමට නොහැකි විය. ඇය පන්දු 4කට මුහුණ දී සිටිය දී දැවී ගියේ ලකුණු 3ක් ලබා ගනිමිනි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 10ක්ව තිබුණි. ඩිලානි මනෝදරාට ද ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණි.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් චමරි සමඟින් ශෂිකලා එකතු වී ලකුණු 21ක් ලබා ගත්හ .එසේ වූව ද ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වාර්තා වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ශෂිකලා සමඟින් එෂානි ලොකුසූරියගේ (10) එක්ව රැස් කළ ලකුණු 31යි.
අනතුරුව නිලක්ෂි ද සිල්වා පන්දු 20ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම යම් ගෞරවනීය මට්ටමකට ගෙනාවා ය. එහෙත් අනෙක් පිතිකාරිනියන් වූ අමා කාංචනා (02), ශ්‍රීපාලි වීරක්කොඩි (03*), කවීෂා දිල්හාරි (05) සහ උදේශිකා ප්‍රබෝධනී (00*) අඩු ලකුණුවලට සීමා වීම ශ්‍රී ලංකා ඉනිමට මහත් පාඩුවක් විය.
කඩුලු ලබා ගැනීමේ දී අරුන්දතී රෙඩ්ඩි සහ හර්මන්ප්‍රීට් කෞවුර් කඩුලු 2 බැගින් දවා ගත්හ.
ලකුණු 132ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සංචාරක ඉන්දීය ක්‍රීඩිකාවෝ තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ලකුණු වාර්තා කළහ. එම ඉනිමේ දී ජෙමීමා රොද්‍රගුස් අර්ධ ශතකයක් ලබා ගත්තේ . මෙය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල මංගල අර්ධ ශතකයයි. ඇය තම ඉනිම නිමා වන විට පන්දු 40කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා ය.
ඉන්දීය ක්‍රීඩකයෝ පහසුවෙන්ම බංග්ලාදේශය පරාජය කරයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී (21) නිමා වූ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා…
ඊට අමතරව නායිකා හර්මන්ප්‍රීට් කෞවුර් පන්දු 19ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා ය. ජෙමීමා සහ හරමන්ප්‍රීට් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් එක් කරමින් ජයග්‍රහණය ඉක්මන් කළහ.
පන්දු යැවීමේ දී නායිකා චමරි අතපත්තු ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා ය. ඊට අමතරව උදේශිකා ප්‍රබෝධිනි, ශෂිකලා සිරිවර්ධන සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 131 (20.0): චමරි අතපත්තු 28, ශෂිකලා සිරිවර්ධන 35, නිලක්ෂි ද සිල්වා 31, අරුන්දතී රෙඩ්ඩි 2/19, හර්මන්ප්‍රිට් කෞවුර් 2/03
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 132 (18.2): ජෙමිමා රොද්‍රගූස් 57, හර්මන්ප්‍රීට් කෞවුර් 24, චමරි අතපත්තු 2/29
තරගාවලියේ සිව්වැනි තරගය මේ මස 24 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <






















