ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති සිව්වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (24) කොළඹ සි. සී. සී. පිටියේ දී නිමා වූයේ ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කරමිනි.
ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් තවත් තරගයක් ඉතිරිව තිබිය දී ජය ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජෙමීමා ඉන්දීයාව නැවත ජය මාවතට ගෙන යයි
සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (22) කොළඹ සී. සී. සී. පිටියේ දී නිමා වූ විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ දීමට…
පිටියේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුවාර 17කට සීමා වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 134ක් ලබා ගත්හ.
ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ආරම්භ කළේ යසෝධා මෙන්ඩිස් සහ නායිකා චමරි අතපත්තු ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව 27කි. යශෝධා මෙන්ඩිස් පන්දු 12ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙසින් හසිනි පෙරේරා (10) දැවී ගියා ය. එම කඩුලු දෙකේම හිමිකාරිත්වය අනුජා පටිල් සතු විය.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් චමරි සහ ශෂිකලා සිරිවර්ධන එක්ව ලකුණු 55ක සබඳතාවක් ගොඩ නැගූහ. තෙවැනි කඩුල්ල ලෙස චමරි දැවී යද්දී පන්දු 26කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා ය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූයේ ශෂිකලා සිරිවර්ධන ය. ඇය පන්දු 32කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා ය.
අනතුරුව නිලක්ෂි ද සිල්වා ද ලකුණු 15කට දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට එෂානි ලොකුසූරිය (11*) සහ අමා කාංචනා (00*) නොදැවී පිටියේ රැඳී සිටිය හ.
පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන අනුජා පටිල් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා ය.
ශ්‍රී ලංකා ඉලක්කයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්
6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ තවත් තරග කිහිපයක් අද (24) කොළඹ SSC හා NCC ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්විය. අද පැවති…
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ ඉනිම අවසන් වීමට තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී තරගය ජයග්‍රහණය කළහ.
ඉන්දීය ඉනිමේ ආරම්භක කඩුලු දෙක ලකුණු 18ක් ව තිබිය දී නැවත ක්‍රීඩා විවේකාගාරයේ අසුන් ගැන්වීමට ඕෂදී රණසිංහ සමත් වූවා ය. ඒ තරගයේ දෙවැනි පන්දු වාරයේ දී ය. දැවී ගිය ක්‍රීඩිකාවන් වූයේ මිතාලි රාජ් (11) සහ ස්මිත්‍රී මන්ධනා (05) ය. අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 23ක සබඳතාවක් ගොඩ නැගුණි. ඒ ජෙමිමා රොද්‍රිගෝස් සහ ටානියා භාතියා (05) අතර ය.
ජෙමීමා රොද්‍රෙගෝස් අද තම විස්සයි විස්ස තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූවා ය. මේ ඇය මෙම තරගාවලියේ පිට පිට රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකයයි. ඇය පන්දු 37කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා ය.
Match Replay – Sri Lanka Women vs India Women – 2nd ODI
The second one-day international cricket match between Sri Lanka Women’s team and India Women’s team in the ICC Women’s…
ඇය සහ අනුජා පටෙල් අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සබඳතාවය ලකුණු 96*කි. අනුජා පන්දු 42ක දී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා ය. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.
ඉන්දීය ඉනිමේ දැවී ගිය කඩුලු තුන දවා ගැනීමට ඕෂදී රණසිංහ සමත් වූවා ය. ඒ පන්දුවාර 3.4ක් යවමින් ලකුණු 33ක් ලබා දෙමිනි.
දෙරට අතර පැවැත්වෙන පස්වැනි සහ අවසාන විස්සයි විස්ස තරගය මේ මස 25 වැනිදා කටුනායක වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය.
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 134 (17.0) යසෝධා මෙන්ඩිස් 19, චමරි අතපත්තු 31, ශෂිකලා සිරිවර්ධන 40, අනුජා පටිල් 3/36
ඉන්දීය කාන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවි 137 (15.4) ජෙමිමා රොද්‍රිගෝස් නොදැවී 52, අනුජා පටිල් නොදැවි 54, ඕෂදි රණසිංහ 3/33
මෙම තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<