අත්තපත්තුගේ උත්සාහය වතුරේ යයි

752
Chamari Atapattu

පළමු තරග දෙකට සාපේක්ෂව වෙනස්ම මුහුණු වරක් ගත් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 39ක ජයක් ලබා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම 3-0ක් ලෙස තරගාවලිය ද ජය ගැනීමට ඊයේ (6) සමත් විය.

ශෂිකලා 1000 ඉක්මවා යද්දී සත්කාරකයින් තරගාවලිය ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම…

සෙන්චූරියන් හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙත ආරාධනා කළාය. ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 163ක හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කළේ තරගාවලිය පුරාවටම ලකුණු රැස්කළ කණ්ඩායම් නායිකා ඩෑන් වෑන් නර්ක්ගේ ඉනිම ද සවියක් කරගෙනයි. ඇය පන්දු 29ක් තුල 4 පහර 3ක් හා 6 පහරක් සමඟ ලබා ගත් ලකුණු 38 දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණ බවට පත්විය.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නර්ක් හා දකුණතින් පිතිකරණයේ නිරත වන ටස්මින් බ්‍රේට්ස් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48ක් තුල ලකුණු 58ක සාර්ථක, වේගවත් සබඳතාවයක් ගොඩනැංවූ අතර දකුණතින් පන්දු යවන ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 36ක් ලබා සිටි බ්‍රේට්ස් දැවී ගියාය.

ඉන් අනතුරුව පිටියට පැමිණි සියලුම දකුණු අප්‍රිකානු පිතිකාරිනියන් දැවී ගියේ කෙසේ හෝ ලකුණු 19 සීමාව ඉක්මවා යමිනි. පන්දු 30ක් තුල ලකුණු 35ක් රැස්කරගත් ලාරා ගෝඩොල් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිසරදයක් වන්නට වූයේ දකුණු අප්‍රිකානු ඉනිමේ මැදපෙළ සවිමත් කිරීමට දායක වූ නිසාවෙනි.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ, ඉනෝකා රණවීර, කවීෂා දිල්හාරි හා චමරි අතපත්තු යන ක්‍රීඩිකාවන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඉන්දියාවට ඉතිහාසයේ දැවැන්තම පරාජය ගෙන දුන් සයිෆට්ගේ සුපිරි ප්‍රහාරය!

තවමත් ජාත්‍යන්තර තරග අත්දැකීම් කිහිපයක් පමණක් තිබුණ ද ප්‍රබල ඉන්දීය කණ්ඩායම..

ලකුණු 164ක ඉලක්කයක් පසුපස හඹා යාමේ අරමුණින් පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 36ක් තුල දවා ගැනීමට ප්‍රබල දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමේ වගකීම කරට ගත් නායිකා අතපත්තු, ශෂිකලා සිරිවර්ධන හා හෂිනි පෙරේරා සමඟින් එක්ව තරමක් දුරට සාර්ථක ලෙස පිතිකරණයේ නිරත වන්නන්ට සමත් විය. එනමුත් 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟ පන්දු 36ක දී ලකුණු 43ක් රැස්කරගෙන තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ අත්තපත්තුගේ දැවී යාමත් සමඟින් තරගයේ සම්පූර්ණ වාසිය ප්‍රතිවාදීන් සතු වූයේ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකාරිනියන්ගේ දුර්වල පිතිහරඹය නිසාවෙනි.

එසේම දකුණතින් මද වේගපන්දු යවන නදීන් ඩි ක්ලාර්ක් ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ සුනුවිසුනු කරමින් ක්‍රියාත්මක කළ පන්දුවාර 4 තුල ශ්‍රී ලංකා පිතිකාරිනියන් කඩුලු 3ක් පූජා කරමින් ඇයට එරෙහිව ලබා ගත්තේ ලකුණු 27ක් පමණි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 124ක් පමණි.

එක්දින ක්‍රිකට් තරග 3කින් සමන්විත මේ තරගාවලියේ පළමු තරගය ලබන 11 වැනිදා පොට්චෙස්ට්රූම් හිදී පැවැත්වේ. එහි තොරතුරු ද දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

තරගයේ වීරවරිය – සුනේ ලූස් (දකුණු අප්‍රිකාව)

දකුණු අප්‍රිකාව – 163/5 (20): ඩෑන් වෑන් නර්ක් 38, ටස්මින් බ්‍රේට්ස් 36, ලාරා ගෝඩොල් 35.

ශ්‍රී ලංකාව – 124/8 (20): චමරි අතපත්තු 43, ශෂිකලා සිරිවර්ධන 29, නදීන් ඩි ක්ලාර්ක් 3/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<