ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (30) සමත් වෙනවා.
මෙම තරගයේ දී හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි අර්ධ ශතක ඉනිම් ලබා ගනිමින් තරගයේ පාලනය තමන් වෙත නතු කර ගැනීමට උත්සාහ කළ ද අනෙකුත් පිතිකාරිනියන්ගේ දුර්වල පිතිහරඹයන් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 15ක පරාජයකට මුහුණ දීමට සිදු වෙනවා.
Thiruvananthapuram හි දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් පමණයි.
ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සමඟිනුයි. පෙර තරගයට එක් ව සිටි Smriti Mandhana සහ Renuka Singh වෙනුවට ඔවුන් පළමු වරට විස්සයි විස්සයි ජාත්‍යන්තර වරම් හිමිකර දෙමින් Gunalan Kamalini එක් කර තිබූ අතර ඊට අමතර ව Sneh Rana එක් කර තිබුණා.
ශ්‍රී ලංකාව ද මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සමඟිනුයි. ඒ පෙර තරගයට එක් ව සිටි මල්ෂා ෂෙහානි සහ කාව්‍යා කාවින්දි වෙනුවට ඉනෝකා රණවීර සහ මල්කි මදාරා එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, රශ්මිකා සෙව්වන්දි, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), ඉනෝකා රණවීර, මල්කි මදාරා සහ නිමේෂා මීපගේ.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Harmanpreet Kaur (නායිකාව), Shafali Verma, Gunalan Kamalini, Harleen Deol, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Amanjot Kaur, Arundhati Reddy, Sneh Rana, Vaishnavi Sharma, Shree Charani.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ආරම්භය අසාර්ථක වූ අතර ඔවුන් පළමු Power Play අවස්ථාව නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබා සිටියා.
කෙසේ වෙතත් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Harmanpreet Kaur. ඇය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.
ඇයට අමතර ව ඉනිම අවසන් වන විට Arundhati Reddy පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටි අතර Amanjot Kaur පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 11කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමරි අතපත්තු සහ රශ්මිකා සෙව්වන්දි කඩුලු ද්විත්වය බැගින් ද නිමාෂා මීපගේ කඩුල්ලක් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භ ද අසාර්ථකයි. ඉනිමේ 2 වැනි පන්දුවාරයේ දී නායිකා චමරි අතපත්තු ලකුණු 2කට දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 7ක් ලෙසයි.
ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව ඉමේෂා දුලානි පිටියට පිවිසි අතර ඇය වේගවත් ඉනිමක නිරත වූවා. ඇය තම ඉනිම අවසන් කරන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ මංගල අර්ධ ශතකය ද වාර්තා කරමිනුයි.
ඇය 2 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටි අතර හසිනි පෙරේරා හා එක් ව පන්දු 56ක දී ලකුණු 79ක සබඳතාවක් ද එක් කරනවා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව නිලක්ෂිකා සිල්වා (3) සහ කවිෂා දිල්හාරි (5) අඩු ලකුණුවලට තම ඉනිම් අවසන් කර ගත්තා.
හසිනි පෙරේරා 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා. එය ඇයගේ ද විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ මංගල අර්ධ ශතකය වූ අතර මෙය ඇයගේ 89 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයයි.
ඉන් අනතුරු ව පිටියට පිවිසි හර්ෂිතා සමරවික්‍රම (8), කෞෂිනී නුත්‍යාංගනා (1) සහ මල්කි මදාරා (5) අඩු ලකුණුවලට තම ඉනිම් අවසන් කර ගනිද්දී ඉනිම අවසන් වෙද්දී රශ්මිකා සෙව්වන්දි පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Arundhati Reddy, Amanjot Kaur, Deepti Sharma, Sneh Rana, Shree Charani සහ Vaishnavi Sharma කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 175 (20.0)Harmanpreet Kaur 68, Amanjot Kaur21, Arundhati Reddy 27, කවීෂා දිල්හාරි 2/11, රශ්මිකා සෙව්වන්දි 2/42, චමරි අතපත්තු 2/21
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම –කඩුලු 2ක් දැවී 191 (20.0)හසිනි පෙරේරා 65, ඉමේෂා දුලානි 50, රශ්මිකා සෙව්වන්දි නොදැවී 14, Arundhati Reddy 1/16
ඉන්දීය කණ්ඩායමට ලකුණු 15ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Harmanpreet Kaur (ඉන්දියාව)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.




















