දිල්රුවන් පෙරේරා සහ කුසල් පෙරේරා එක්ව 7 වැනි කඩුල්ලේ දී පෑ දක්ෂතා හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුලු4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙරට වේලාවෙන් අද (27) අලුයම් යාමයේ දී සමත් වූහ.
ඉතිහාසය වෙනස් කළ හැකි තීරණාත්මක දිනයකට එළඹෙයි
බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට නැවුම් පිටුවක් එක් කළ හැකි ටෙස්ට් තරගයක නිමාවක් පෙන්නුම් කරන තෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය…
මේ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් සේ සම වෙමින් නිමාවට පත්විය.
බාබඩෝස් හී කෙන්සිංටන් ඕවල් පිටියේ දී (26) තවත් දිනයක් ඉතිරිව තිබිය දී නිමාවට පත් මෙම තරගයේ දී ලත් ජයග්‍රහණයත් සමඟින් එම පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගත් පළමු ආසියාතික කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් විය. තම මංගල ටෙස්ට් තරග නායකත්වය ජයග්‍රාහී ගමනකින් කෙළවර කිරීමට සුරංග ලක්මාල් සමත් වූ අතර මේ දක්ෂතාව කළ පළමු ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නා වෙන්නේ ද ඔහු ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 154ක් පමණි. ලකුණු 50ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන්ගේ දෙවැනි ඉනිම ලකුණු 93කට සීමා විය. තරගය අවසන් වෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබා ගත්තේ ය.
තරගයේ අවසන් දිනයේ ආරම්භය ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අස්වැසිල්ලක් වූයේ පෙර දිනයේ අනතුරකට ලක්ව රෝහල් ගත කළ කුසල් පෙරේරා නැවත ක්‍රීඩා විවේකාගාරයට පැමිණීම ය. ඒ පැමිණීම වඩාත් වැදගත් වූයේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් විසින් දිනයේ යැවුණ 6 වැනි පන්දුවේ දී කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිමා කරමින් ඉතා භයානක ලෙසින් ඔවුන් තරගයට අවතීර්ණ වීම හේතුවෙනි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව කුසල් දැවී යද්දී ඔහුගේ ඉනිමට එක් වී තිබුණේ පන්දු 6ක් පමණි.
එහෙත් හරි වැස්ස; දිමුත් සහ තිරිමාන්න අර්ධ ශතක රැස් කරති
බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හි සාහුර් අහමඩ් චෞද්රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු නිල නොලත් සිවු දින ටෙස්ට් ක්‍රිකට්…
කිසිදු විශ්වාසයක් නැති කොදෙව් පන්දු යැවීමේ බලකාය ශ්‍රී ලංකාවට පළමු ඉනිමේ දී හිමි කළ අවාසනාව මෙම ඉනිමේ ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවකි දක්නට ලැබුණේ. දිනයේ පළමු පන්දුවාරය අවසානයේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය එතැන ම රැඳී තිබුණි. එහෙත් ඔවුන්ට කඩුල්ලක් අහිමි ය. කොදෙව්වන්ගේ ජයග්‍රාහී ඉලක්කය තවත් කඩුල්ලකින් ළඟා වී තිබුණි.
ඒ අතර වාරයේ පෙර දිනයේ සිදු වූ අනතුරින් පසුව පිටියට පිවිසේ යැයි සැකයෙන් සිටි කුසල් පෙරේරා, දිල්රුවන් පෙරේරා සමඟ පිටියේ දී එක් විය.
තරගයේ ජයග්‍රහණය තමන් සන්තක කර ගැනීමට නම් මෙම කඩුල්ල වඩාත් වැදගත් බැව් දෙපිළේ ම ක්‍රීඩකයෝ දැන සිටිය හ. පෙරේරලා යුගලයට සිදු වූයේ මියෙම්මා – රැකෙම්මා තරගයක යෙදීමට ය. තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණෙන් ලකුණ තම කණ්ඩායමට එකතු කර ගැනීමත්ය ඔවුන් පැවැරී තිබූණේ.
කොදෙව් පන්දු බලඇණිය තම උපරිම ජවය යොදමින් එය වැළැක්වීමත් ය පිටියේ සිදු වූයේ.
මේ ද්වන්ධ සටන අවසානයේ ජයග්‍රහණය හිමි වූයේ පෙරේරා යුගලට ය. ඔවුන් දෙදෙනා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඇවැසි ලකුණු 144 ලකුණු පුවරුවට එක් කළේ 7 වැනි කඩුල්ල සඳහා නොබිඳුණ ලකුණු 63ක සබඳතාවක් එක් කරමිනි.
තරගය ජයග්‍රහණයෙන් නිමා වෙද්දී දිල්රුවන් පෙරේරා පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද, කුසල් පෙරේරා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද ලබා සිටිය හ.
පන්දු යැවීමේ දී කොදෙව් නායක ජේසන් හෝල්ඩර් අවසාන දිනයේ ලබා ගත් කඩුල්ලත් සමඟින් ලකුණු 41කට කඩුලු 5ක් දවා ගත්තේ ය. 26 හැවිරිදි හෝල්ඩර් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනියට හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ මෙම තරගයේ දී ය.
තරගයෙන් අමිහිරි පරාජයක් හිමි වූව ද තරගය පුරා දැක්වූ දක්ෂතා හේතුවෙන් නායක ජේසන් හෝල්ඩර් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුනේ ෂේන් ඩොව්රිච් ය.
බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 204 (69.3) ෂේන් ඩොව්රිච් 71, ජේසන් හෝල්ඩර් 74, සුරංග ලක්මාල් 2/52, ලහිරු කුමාර 4/58, කසුන් රාජිත 3/68
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 154 (59.0) ධනුෂ්ක ගුණතිලක 29, කුසල් මෙන්ඩිස් 22, නිරෝෂන් දික්වැල්ල 42, කෙමර් රොච් 2/30, ෂැනොන් ගේබ්‍රියෙල් 52/3, ජේසන් හෝල්ඩර් 4/19
බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 93 (31.2) කෙමාර් රොච් නොදැවී 23, සුරංග ලක්මාල් 3/25, ලහිරු කුමාර 2/31, කසුන් රාජිත 3/20
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 144 ( 40.2) ධනුෂ්ක ගුණතිලක 21, කුසල් මෙන්ඩිස් 25, දිල්රුවන් පෙරේරා නොදැවී 23, කුසල් පෙරේරා නොදැවී 28, ජේසන් හෝල්ඩර් 5/41
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















