සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ට්‍රින්ඩෑඩ් හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේ දී අද (10දා) නිමා වූයේ ලකුණු 226ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි.
තරගාවලිය 1-0ක් සේ ඉදිරියට පැමිණි කොදෙව්වෝ වසර 15ක ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ ජයග්‍රහණය කළ සිව්වැනි ටෙස්ට් තරගය මෙයයි.
පොඩි කුසල් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙනේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි…
ලකුණු 453ක ඉලක්කයක් පසුපස ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ අවසාන දිනයට පිටියට පිවිසියේ කඩුලු 7ක් අතැතිව ලකුණු 277ක අඩුපාඩුවකිනි. ඒ සිව්වැනි දිනයට තරගය නතර කරද්දී කඩුලු 3ක් දැවී ලකුණු 176ක් ලබා සිටි බැවිනි.
දිනයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එතරම්ම සුබ දායක වූයේ නැත. තරගය දිවා විවේකයට නතර කරන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 222ක් පැවතිණි. දිනයේ ආරම්භයේ සිට දිවා විවේකය දක්වා වූ කාලයේ දී කොදෙව්වෝ පන්දුවාර 26.2ක් යවා තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 46ක් පමණි.
දිවා විවේකයෙන් අනතුරුව යැවුණ සිව්වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිමේ විනාශය සනිටුහන් වූ අතර අවසාන දිනයේ දැවී ගිය කඩුලු 7ටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රැස් කරගෙන සිටියේ ලකුණු 50ක් පමණි. තරගය අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ සියලුම දෙනා දැවී 226ක් ලෙසිනි.
දිනයේ පළමු කඩුල්ල ලෙසින් කුසල් මෙන්ඩිස් ලකුණු 102කට දැවී ගියේ ශැනොන් ගැබ්‍රියෙල්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් අතට උඩ පන්දුවක් තිළිණ කරමිනි. ඒ වෙද්දී මෙන්ඩිස් පන්දු 210කට මුහුණ දී සිටි අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කරගෙන තිබුණි. තම ටෙස්ට් තරග දිවියේ 5 වැනි ශතකය 197 වැනි පන්දුවේ දී වාර්තා කිරීමට මෙන්ඩිස් සමත් විය. ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව රැස් කළ පළමු ශතකය මෙයයි.
තරංග සහ සධීරගේ ඉනිමෙන් ගාල්ලට ශූරතාවය
අවස්ථා දෙකක දී බාලගිරි දෝෂයට හසුවී කල් ගිය අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ගාලු…
මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසියේ නායක දිනේෂ් චන්දිමාල් ය. පෙර දිනයේ ලකුණු 15ක් පමණක් ලබා සිටිය දී පිටියෙන් ඉවත්ව ගිය චන්දිමාල්, සැදෑ ආරක්ෂකයා ලෙසින් පෙර දින පිටියට පිවිසි ලහිරු ගමගේ සමඟින් එක්ව ලකුණු 6ක් ලකුණු පුවරුවට එක් කරද්දී එම කඩුල්ලේ සබඳතාව ද නිමා විය. ලහිරු ගමගේ පන්දු 49කට ලකුණු 3ක් රැස් කරගෙන සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගනිතැයි පැවති විශ්වාසය ලකුණු 23ක සබඳතාවකින් දෙදරා ගියේ චන්දිමාල්ගේ දැවී යෑමත් සමඟය. චන්දිමාල් පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 27කි. අනතුරුව දික්වැල්ලගෙන් ද හිතූ තරම් සහනයක් ශ්‍රී ලංකා ඉනිමට ලැබුණේ නැත.
දිනයේ සිව්වැනි කඩුල්ල ලෙසින් දික්වැල්ල ලකුණු 19කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. ලකුණු පුවරුව “ඩබල් නෙල්සන්” ව තිබිය දී දික්වැල්ල දැවී යන විට ඔහු පන්දු 32කට මුහුණ දී හතරේ පහර 4ක් තම ඉනිමට එක්කර ගෙන තිබුණි.
දිවා විවේකය සඳහා තරගය නතර කරන විට දිල්රුවන් පෙරේරා (01*) සහ රංගන හේරත් (00*) පිටියේ නොදැවී රැඳී සිටිය හ.
දිවා විවේකයෙන් පසුව යැවුණ තෙවැනි පන්දුවාරයේ දී රංගන හේරත් (00) ගේ ඉනිම ද නිමා කිරීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ වෙද්දී එම කඩුල්ලට එකතු වී තිබුණේ යන්තම් ලකුණු 3ක් පමණි. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණක් පමණක් එක්වෙද්දී සුරංග ලක්මාල් (01) සහ ලහිරු කුමාර (00) පිට පිට පන්දු දෙකක දී දවා ගැනීමට රොස්ටන් චේස් සමත් විය. ඉනිම අවසාන වන විට දිල්රුවන් පෙරේරා පන්දු 8කට මුහුණ දී ලකුණු 03ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියේ ය.
පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යැවූ රොස්ටන් චේස් ලකුණු 15කට කඩුලු 4ක් බිඳ දමමින් ශ්‍රී ලංකා ඉනිමේ විනාශකාරයා විය. ඊට අමතර ව දේවේන්ද්‍ර බිශෝ කඩුලු 3ක් ද, ශැනෝන් ගැබ්‍රියෙල් කඩුලු 2ක් ද සහ ජේසන් හෝල්ඩර් කඩුල්ලක් ද බැගින් දවාගත්හ.
තරගය නව තාලයකට ගෙනා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශතකලාභී ෂේන් ඩොව්රිච් තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.
පාසල් ක්‍රිකට් ආකෘතියට නව වෙනසක් සමඟින් “සීතාවක මිණිපුර සටන”
අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “සීතාවක මිණිපුර මහා සටන” ක්‍රිකට් තරගාවලිය රත්නපුර, අවිස්සාවේල්ල, රුවන්වැල්ල…
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.
බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 414 (154.0): කිරන් පවෙල් 38, ෂායි හොප් 44, රොස්ටන් චේස් 38, ෂේන් ඩොව්රිච් නොදැවී 125, ජේසන් හෝල්ඩර් 40, දේවේන්ද්‍ර බිශෝ 40, කෙමාර් රොච් 39, සුරංග ලක්මාල් 2/55, ලහිරු කුමාර 4/95
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (55.4): දිනේෂ් චන්දිමාල් 44, නිරෝෂන් දික්වැල්ල 31, දිල්රුවන් පෙරේරා 20, කෙමාර් රොච් 2/34, ශැනොන් ගැබ්‍රියෙල් 2/48, මිගෙල් කමින්ස් 3/39
බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 223 (72.0): ඩෙවොන් ස්මිත් 20, කිරන් පවෙල් 88, ජේසන් හෝල්ඩර් 39, රංගන හේරත් 2/52, ලහිරු කුමාර 3/40
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියුලම දෙනා දැවී 226 (83.2): කුසල් මෙන්ඩිස් 102, ඇන්ජලෝ මැතිව්ස් 31, දිනේෂ් චන්දිමාල් 27, නිරෝෂන දික්වැල්ල 19, ශැනොන් ගැබ්‍රියෙල් 2/52, දේවේන්ද්‍ර බිශෝ 3/48, රොස්ටන් චේස් 4/15
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ද උණුසුම් පුවත්, ලකුණු සටහන් හා තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<