ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවාසනාවට උර තබති

1900

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (07) නිමා වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතා අවාසනාවන්ත තත්ත්වයකින් දිනය නිමා කළහ.

පෙර දිනයේ කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා සිටිය දී දෙවැනි දිනයට ඉනිම ආරම්භ කළ කොදෙව්වෝ අද දිනයේ දී තම ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 414ක් දක්වා රැගෙන එමින් ඉන් සෑහීමකට පත්වූහ. ඔවුන් අද දිනයේ දී රැස් කරන ලද ලකුණු 168 වෙනුවෙන් පූජා කළේ කඩුලු 2ක් පමණි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනය නිමා වෙද්දී ලබා සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 31ක් පමණි.

ලහිරු කුමාර කොදෙව් ඉනිම පාලනය කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (06)…

තරගයේ දෙවැනි දිනය ආරම්භ වූයේ අවාසනාවත් සමඟිනි. වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය පමා විය. වර්ෂාවෙන් යම් තරමක සහනයක් වෙද්දී තරගය ආරම්භ කළ ද දිනයේ යවන ලද 10 වැනි පන්දුවාරයේ දී නැවත වර්ෂාව කඩා වැටීම හේතුවෙන් තරගය නැවත නතර කරන ලදි. ඒ ලද අවසරයෙන් තරගයේ දිවා විවේකය ද ලබා ගැනීමට ක්‍රීඩකයන්ට සිදු විය. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6කට 268ක් ලෙසිනි.

දිනයේ පළමු කාර්තුව පන්දු වාර 10කට සීමා වූවද, දෙවැනි කාර්තුව පන්දුවාර 43කින් සමන්විත විය. එම කාර්තුවේ දී කොදෙව් ක්‍රීඩකයෝ ලකුණු පුවරුවට ලකුණු 82ක් එක් කළේ කඩුල්ලක් පමණක් ලබා දෙමිනි. තේ විවේකයෙන් අනතුරුව යැවුණ 18 වැනි පන්දුවාරය නිමාවේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තමන් විසින් රැස් කරන ලද ලකුණු ප්‍රමාණයෙන් සෑහීමකට පත් වෙමින් ඉනිම අත් හිටුවීමට තීරණය කළහ.

කොදෙව් ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා වූයේ 26 හැවිරිදි දකුණත් පිතිකරු ෂේන් ඩොව්රිච් ය. ඔහු කොදෙව් ඉනිම නිමා වෙද්දී නොදැවී ලකුණු 125ක් ලබා සිටියේ ය. පන්දු 325කින් සමන්විත ඔහුගේ ඉනිමේ හතරේ පහර 12ක් රැඳී තිබුණි.

එය ඩොව්රිච්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ද විය. තම 19 වැනි ටෙස්ට් තරගයට සහභාගී වන ඩොව්රිච් මීට ප්‍රථම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2017 වසරේ දී බුලවායෝ හි දී රැස් කරන ලද ලකුණු 103 එතෙක් ඔහුගේ හොඳම ඉනිම විය.


ඉතා මන්දගාමීව ආ කොදෙව් ඉනිමට යම් තරමකට ප්‍රාණ වායුව එක් කළේ ඩොව්රිච් සහ දේවේන්ද්‍ර බිශෝ ය. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සබඳතාවක් එක් කළහ. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය. දිනයේ පන්දුවාර 40ක් පුරා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණ ඔවුන්ගේ කඩුලු සබඳතාව නිමා වූයේ ලකුණු පුවරුව 339ක් වෙද්දී ය.

ඩොව්රිච්, කෙමාර් රොච් (39) සමගින් 8 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් එක් කිරීමට ද සමත් විය.

පන්දු යැවීමේ දී දිනයේ ලබා ගත් කඩුලු 2 හිමිකාරිත්වය සුරංග ලක්මාල් සහ ලහිරු කුමාර වෙත හිමි විය. කොදෙව් ඉනිම නිමාවේ දී ලහිරු කුමාරගේ පන්දු යැවීම සටහන් වූයේ ලකුණු 95කට කඩුලු 4ක් ලෙසිනි. සුරංග ලක්මාල් ලකුණු 55කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිමේ කුසල්ලා දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණකට සහ පන්දු දෙකකට සීමා කිරීමට කොදෙව්වෝ සමත් වූහ. තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම තම කඩුල්ල පූජා කිරීමට කුසල් පෙරේරාට සිදු වූයේ පිට ඉන්නට පිටතින් ගිය පන්දුවකට නොහික්මුණු පහරක් එල්ල කිරීමට යෑම නිසා ය. කෙමාර් රොච් විසින් එවනු ලැබූ එම පන්දුව නිදැල්ලේ යෑමට සැලැස්විණි නම් එම පන්දුව සීමා ඉක්මවා ගිය පන්දුවක් සේ විනිසුරුවන් නිර්දේශ කිරීමට ද ඉඩ තිබුණි.

ඉලක්කම් 9කින් කියවන කෝලීගේ දැවැන්ත ආදායම

ලෝ සුපතළ ෆොර්බ්ස් සඟරාව විසින් ඉදිරිපත් කරන 2017-18 වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයින් 100 දෙනා අතරට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ද ඇතුලත්ව තිබේ. මෙම ලැයිස්තුවේ පළමු තැන…

පළමු කඩුල්ලේ අවසානයේ උණුසුමත් සමඟින්ම දෙවැනි කඩුල්ල ලෙසින් කුසල් මෙන්ඩිස් (04) ද තම මෙහෙවර අවසන් කළේ ඉනිමේ යැවුණ හතර වැනි පන්දු වාරයේ දී ය. එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 16ක් ලෙසිනි.

දිනය අවසාන වීමට තිබූ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ඇන්ජලෝ මැතිව්ස් ද තම කඩුල්ල පූජා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව අවාසනාවන්ත තත්ත්වයට ඇද දැමුවේ ය. මැතිව්ස් පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 11කි.

දිනය නිමාවේ දී නායක දිනේෂ් චන්දිමාල් (03) සහ රොෂේන් සිල්වා (01) පිටියේ නොදැවී රැඳී සිටියහ.

කඩුලු ලබා ගැනීමේ දී කෙමාර් රොච්, ශැනොන් ගැබ්‍රියෙල් සහ ජේසන් හෝල්ඩර් කඩුල්ල බැගින් බෙදා ගත්හ.

තරගය තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.  

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 414d (154.0): කිරන් පවෙල් 38, ෂායි හොප් 44, රොස්ටන් චේස් 38, ෂේන් ඩොව්රිච් නොදැවී 125,  ජේසන් හෝල්ඩර් 40, දේවේන්ද්‍ර බිශෝ 40, කෙමාර් රොච් 39, සුරංග ලක්මාල් 2/55, ලහිරු කුමාර 4/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 31 (10.0):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<