ඊයේ (21) කොළඹ එස්. එස්. සී. පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 151ක් ලබාගෙන සිටින ලදි. මේ තරගයේ දී දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 124කට සීමා කිරීමට පන්දුවෙන් වැඩි මෙහෙයක් කරන ලද්දේ අකිල දනංජය හා දිල්රුවන් පෙරේරා විසිනි.
බැඳීම් අලුත් කරමින් ජය මාවත විවර කළ SSC මිතුදම
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (20) දිනයේ දී දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන්…
දෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 277ක් ලබාගෙන සිටියේය. දිනය ආරම්භ කරමින් පිටියට පැමිණි රංගන හේරත් හා අකිල දනංජය ලොව අංක 1 වේගපන්දු යවන්නා වන කගීසෝ රබාඩා ඇතුළු ප්‍රබල පන්දු යවන්නන් හමුවේ නොසැලෙමින් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් හට හොඳ ආදර්ශයක් ලබා දෙමිනි. හේරත් හා අකිල 10 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 338ක් දක්වා රැගෙන ගියේය. එහි දී ගොඩනැංවුණු ලකුණු 74 සබඳතාවය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල අවසන් කඩුල්ල වෙනුවෙන් පළමු ඉනිමේ දී ගොඩනැගුණු හොඳම සබඳතාවය විය.
අවසානයේ එම සබඳතාවය නිමා කරමින් 4 පහර 4ක් සමඟ ලකුණු 35ක් ලබා සිටි හේරත් මහරාජ්ගේ පන්දුවකට දැවී ගියේ ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිම කඩුලු දවා ගත් විදෙස් පන්දු යවන්නා වෙමිනි. අනෙක් අන්තයෙන් නොදැවී ක්‍රීඩා කළ අකිල දනංජය 4 පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 43*ක් ලබාගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ලබා ගත්තේය.
පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 15ක් තුල දවා ගැනීමට අකිල දනංජය හා රංගන හේරත් සමත් වූයේ තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට හරවාලමිනි. දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටියේය.
කරුණාරත්න – ගුණතිලක ශතක සබඳතාවයකට මාන බලයි
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ආරම්භ කරමින් අද (20) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිවා ආහාරය සඳහා තරගය…
දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා ලකුණු 9000 කඩඉම පසුකළ තෙවන දකුණු අප්‍රිකානුවා බවට පත් වීමට අද සමත් වූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 9000 සීමාව පසුකර ඇත්තේ ජැක් කලිස් (ලකුණු 13206) සහ ග්‍රැහැම් ස්මිත් (ලකුණු 9253) පමණි. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අම්ලා හා ප්ලේසී ලකුණු 55ක සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එදිරිව ආක්‍රමණශීලී පිතිකරණයක නිරත විය. අවසානයේ ලකුණු 19ක් ලබා සිටි අම්ලා දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට දැවී ගියේය.
ඔහු සමඟින් එක්ව දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීමට උත්සහ කළ නායක ෆෆ් ඩියු ප්ලේසී අර්ධ ශතකය පෙනෙන මානයේ දී දැවී ගියේ දිල්රුවන්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල වෙතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ සඳහා පිටියේ විනිසුරු වන නයිජල් ලෝන්ග් දැවී යාමක් ලෙස සටහන් කළත් එම තීරණය අභියෝගයට ලක්කරමින් ප්ලේසී විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබා ගන්නා ලදි. නමුත් එය සාර්ථක නොවූ නිසා ෆෆ් ඩියු ප්ලේසී දැවී ගියේ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට තිබූ එක් අවස්ථාවක් ද අහිමි කරමිනි. කුසල් මෙන්ඩිස් රැක ගත් දක්ෂ උඩ පන්දුව නිසා ටෙම්බා බවුමා ලකුණු 11කට දැවී ගියේය.
දකුණු අප්‍රිකානු ලකුණු සටහන 119/6ක් ලෙස දැක්වෙද්දී අකිල දනංජය එවූ පන්දුවක් මහරාජ්ගේ පිත්තේ අනෙක් පස වැදී ගුවනට ගිය අතර එය සාර්ථක රැක ගැනීමට දිමුත් කරුණාරත්න සමත් වීම නිසා දකුණු අප්‍රිකානු ඉනිමේ 7 වන කඩුල්ල ද බිඳී ගියේ දෙවන දිනය තුල දැවී ගිය 8 වන කඩුල්ල ලෙසයි. ඔවුන්ගේ අවසන් කඩුලු 3 දැවී යද්දී ඔවුන් එකදු ලකුණක් හෝ ලබා ගැනීමට අපොහොසත් විය. පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල දනංජය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ එක් ඉනිමක් තුල ලබාගත් දෙවන කඩුලු 5 අවස්ථාව සාර්ථක කරගත්තේය.
විනය විරෝධී ලෙස හැසිරුණු වැන්ඩර්සේට දැඩි දඬුවම්
නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම නිසා නැවත දිවයිනට හරවා එවුණු ජෙෆ්රි වැන්ඩර්සේ හට සියලු ආකෘතිවලට බලපාන සේ වසරක අත්හිටවූ තරග…
ලකුණු 214ක වාසියක් අතැතිව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භය ලබා දුන්නේ දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක විසිනි. ඔවුන් දෙදෙනා පළමු ඉනිමේ දී මෙන්ම දෙවන ඉනිමේ දී ද ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකානුවන් යම් යම් අවස්ථාවල ලබා දෙන දුර්වල පන්දුවලට පිත්තෙන් නියමාකාර පිළිතුර ලබා දෙමිනි.
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය ලබා ගත් ගුණතිලක 4 පහර 6ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 61ක් රැස්කර ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 68ක් පමණක් වැය කරමිනි. පළමු ඉනිමේ මැදපෙළට අර්ධ ශතකයක් එක් කළ ධනංජය ද සිල්වා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබාම දැවී යන ලදි. ගුණතිලක හා ධනංජය යන දෙදෙනාම කේශව් මහරාජ්ගේ ගොදුරු බවට පත් විය.
තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ කරුණාරත්න මේ තරගාවලියේ ලබා ගත් ශතකයට අමතරව තවත් අර්ධ ශතක තුනක් ලබා ගත්තේ අද දිනයේ දී ලබාගත් අර්ධ ශතකයත් සමඟයි. ඔහු හා එක්වූ කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී කරුණාරත්න හා මෙන්ඩිස් අතර තිබූ අවබෝධය මොහොතකට බිඳී යාම නිසා කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ලකුණු 18කට දැවී ගියේය.
කරුණාරත්න හා එක්වූ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් දිනය නිමාවෙන විට කඩුල්ලේ රැඳී සිටියේ පිළිවෙළින් ලකුණු 59*ක් හා ලකුණු 12*ක් රැස්කර ගනිමිනි.
පන්දු යැවීමේ දී නැවතත් ක්‍රියාත්මක වූ මහරාජ් ලකුණු 90කට කඩුලු 2ක් දවා ගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන එන ලදි.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 338/10 (104.1): ධනංජය ද සිල්වා 60, ධනුෂ්ක ගුණතිලක 57, දිමුත් කරුණාරත්න 53, අකිල දනංජය 43*, කේශව් මහරාජ් 9/129.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම – 124/10 (34.5): ෆෆ් ඩියු ප්ලේසී 48, ක්වින්ටන් ඩි කොක් 32, හෂීම් අම්ලා 19, අකිල දනංජය 5/52, දිල්රුවන් පෙරේරා 4/40.
ශ්‍රී ලංකා දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 151/3 (34): ධනුෂ්ක ගුණතිලක 61, දිමුත් කරුණාරත්න 59*, කුසල් මෙන්ඩිස් 18, කේශව් මහරාජ් 2/90.
මේ තරගය හෙට (22) තෙවන දිනයටත් ක්‍රියාත්මක වෙන මේ තරගයේ ඡායාරූප, එසැණ පුවත් හා සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















