තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ආරම්භ කරමින් අද (20) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 277ක් ලබාගෙන සිටියි.
ඉන්දීය යෞවනයන් හමුවේ නිශාන් මධුශ්ක ගැලවුම්කාරී ඉනිමක
කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (19) නිමාවේ…
කොළඹ එස්. එස්. සී ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ වමත් පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක හට SSC තණතීරුව ඉතාමත් හුරුපුරුදු වන්නේ ඔවුන් දෙදෙනාගේම පළමුපෙළ ක්‍රීඩා සමාජයේ සත්කාරක ක්‍රීඩා පිටිය මෙය නිසාවෙනි.
ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකානු ප්‍රබල පන්දු යවන්නන් හමුවේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නේ පළමු තරගයේ ඔවුන්ගේ අතින් සිදු වූ අඩුපාඩු බොහොමයක් අවම කරගනිමිනි.
එසේ පිතිකරණයේ නිරත වෙමින් සිටිය දී කගීසෝ රබාඩා එවූ පන්දුවක් ගුණතිලකගේ පාදයේ ගැටුණු අතර ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමේ අරමුණින් විනිසුරු දුන් තීරණය අභිබවා ගොස් නැවතත් එම තීරණය පරීක්ෂා කළ අතර එහි දී එය පිත්තේ ගැටුණු බව නිරීක්ෂණය වීම නිසා දකුණු අප්‍රිකානුවන්ට තිබෙන විනිසුරු තීරණ නැවත පරීක්ෂා කර ගැනීමේ අවස්ථා දෙකෙන් එකක් ගිලිහී ගියේය.
තිසරගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි
ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් A කණ්ඩායම අතර පැවති දෙවන නිල නොවන එක්දින ක්‍රිකට් තරගය…
4 පහර 4ක් එල්ල කළ ගුණතිලක සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ලබාගත් ඉනිම මෙය බවට පත්කර ගැනීමට සමත් වූයේ නොදැවී ලකුණු 44*ක් ලබා ගනිමිනි. ඔහුට ඉතාමත් හොඳින් සහයෝගය දැක්වූ කරුණාරත්න අනෙක් අන්තයේ සිටිමින් පන්දුවට පහර දෙන අතර ඔහු දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට 4 පහර 4ක් සමඟ ලකුණු 42*ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු පුවරුව ජවසම්පන්න මට්ටමකට රැගෙන යමිනි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 93ක් ලබාගෙන සිටින ලදි.
දිවා ආහාරයට පසුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 23ක් එක් වෙද්දී පළමු තරගයේ වීරයා වූ කරුණාරත්න කේශව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ ක්වින්ටන් ඩි කොක් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 53කට දැවී ගියේය. පන්දු 110කට මුහුණ දුන් කරුණාරත්නගේ ඉනිම 4 පහර 4කින් වර්ණ ගැන්විය. කරුණාරත්න හා ගුණතිලක අතරේ ගොඩනැගුණු එම ලකුණු 116 සබඳතාවය ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් ඉනිම් 18 තුල ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සහිත සබඳතාවය ලෙස ද වාර්තා වේ. සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16වන අර්ධ ශතකය ලබාගත් කරුණාරත්න දැවී ගොස් මිනිත්තු කිහිපයකට පසුව සිය මංගල අර්ධ ශතකය ලබාගත් ගුණතිලක ලකුණු 57ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ කගීසෝ රබාඩා රැකගත් දක්ෂ උඩ පන්දුව නිසාවෙනි.
අනතුරුව පිටියේ එක්වූ දකුණත් පිතිකරුවන් යුගලය වන කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා හට තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 36ක සබඳතාවයක් පමණි. පන්දු 34ක දී 4 පහර 4ක් සමඟ ලකුණු 21ක් ලබා සිටි මෙන්ඩිස් දඟපන්දු යවන මහරාජ්ගේ පන්දුවකට ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල ලෙස දැවී ගියේය.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ද සිල්වා හා මැතිව්ස් ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වූ අතර ශ්‍රී ලංකාවේ පෞද්ගලික ටෙස්ට් ලකුණු ලැයිස්තුවේ ලකුණු 5000ක් ලැබූවන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට දකුණත් පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්ට අද සමත් විය. එම කඩඉම පසු කළ 9 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වෙන්නේ මැතිව්ස්ය.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ මුල්පෙළ විනාශ කළ මහරාජ් 4 පහර දෙකක් සමඟ ලකුණු 10ක් ලබාගෙන සිටි මැතිව්ස්ව දවා ගන්නා ලදි. දකුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා හා පිටියේ එක්වූ රොෂේන් සිල්වා පන්දු 93ක් තුල ගොඩනැගූ ලකුණු 54 සබඳතාවය නිසා ශ්‍රී ලංකා මැදපෙළ යළිත් තරමක් දුරට හිස එසවුවත් එම ඉනිම තවදුරටත් රැගෙන යාමට වරම් නොලැබුණේ දකුණතින් වේගපන්දු යවන රබාඩාගේ පන්දුවක් හමුවේ රොෂේන් සිල්වා දැවී යාම නිසයි. රොෂේන් ලකුණු 22ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගත්තේ 4 පහර 3ක් එල්ල කරමිනි.
සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන අර්ධ ශතකය ලබාගත් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ මැදපෙළ සවිමත් කරමින් එකා පසුපස දැවී ගිය කඩුලු හමුවේ නොසැලෙමින් දක්ෂ ලෙස සිය පිතිකරණය ව්‍යාප්ත කළේය.
ඉන්දීය යෞවනයෝ වේලාසනින්ම තරගය අවසන් කරති
කොළඹ එන්. සී. සී. පිටියේ දී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 21ක පහසු ජයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ…
තරගයේ පළමු දිනය අවසන් වීමට පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබිය දී දනංජයගේ ඉනිමට තිත තැබූ මහරාජ් සිය 6 වන කඩුල්ල ලෙස ඔහුව දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමිනි. එම තීරණය පිටියේ විනිසුරු වූ නයිජල් ලෝන්ග් මහතා නොදැවී යාමක් ලෙස සනිටුහන් කළ ද එම තීරණය නැවත පරීක්ෂා කළ විට 4 පහර 8ක් එල්ල කරමින් ලකුණු 60ක් ලබාගෙන සිටි දනංජය කඩුල්ල මුවා කළ වරදට හසු වූ ක්‍රීඩකයෙක් ලෙස සලකුණු විය.
තරගයේ අවසන් පන්දුවාර කිහිපය තුල ශ්‍රී ලංකා අවසන් පෙළ කඩුලු කිහිපය බිඳී ගිය නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩා කරන රංගන හේරත් හා අකිල දනංජය කඩුල්ලේ රැඳී සිටින්නේ ලකුණු 13ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමිනි.
ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ වමතින් දඟපන්දු යවන කේශව් මහරාජ් සිය දිවියේ එක් ඉනිමක සිදු කළ හොඳම පන්දු යැවීමේ දස්කම ප්‍රදර්ශනය කරමින් ලකුණු 116ක් තුළ කඩුලු 8ක් දවා ගන්නා ලදි.
ශ්‍රී ලංකා පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට) – 277/9 (86): ධනංජය ද සිල්වා 60, ධනුෂ්ක ගුණතිලක 57, දිමුත් කරුණාරත්න 53, කේශව් මහරාජ් 8/116.
මේ තරගය හෙට (21) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙන මේ තරගයේ ඡායාරූප, එසැණ පුවත් හා සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















