දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර දැමූ අතර දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත් නිසා මේ වන විට තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සංචාරක එංගලන්ත කණ්ඩායමයි.
කෙසේ නමුත් දෙවන තරගයේ දී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසා හා 4 සීමාව ආසන්නයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම එම තරගයේ දැකගත හැකි වූ ප්‍රධානතම අඩු පාඩු ලෙස සැලකීමට හැකිය.
ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි
මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට …
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසය
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙතෙක් තරග 71ක් පවත්වා ඇති අතර ඒ අතරින් එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම තරග 34 බැගින් ජයග්‍රහණය කරමින් සම මට්ටමක රැඳී සිටි. එසේම එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී පසුගිය දා නිමා වූ තරගය ද ඇතුලත්ව තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
තවද එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සංචාරවල පැවැත්වූ එක්දින තරගාවලි අතරින් 2007 වසරේ පැවති තරගාවලිය හැර අනෙක් තරගාවලි පහම සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින්
දිනේෂ් චන්දිමාල් හා ජෝ රූට්

චන්දිමාල් එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා තිබෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 17ක දී ඉනිම් 15කට පිතිකරණයෙන් දායක වෙමින් ලකුණු 555ක් ලබාගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක හයක් රැස්කර ගෙන සිටින්නේ 42.69ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
දකුණතින් පිතිකරණයේ නිරත වෙන රූට් පන්දු 83ක දී 4 පහර 6ක් සමඟ ලකුණු 71ක් ලබාගෙන පසුගිය 13 වැනිදා පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ඉතාමත් දක්ෂ ලෙස පිතිකරණයක නිරත වූයේ සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් 29වන එක්දින ශතකය ලබාගෙනයි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පවත්වා ඇති එක්දින තරග අතරින් තරග 21ක දී ඉනිම් 19කට ක්‍රීඩා කරමින් ශතක දෙකක් හා අර්ධ ශතක හයක් ලබා ගෙන ඇත්තේ ලකුණු 921ක් සිය නමට ඉදිරියෙන් සටහන් කර ගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 121 වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් කරගෙන තිබෙන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව 60.40ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙන යමින් සිටියි.
දනංජය ද සිල්වා හා ජෝස් බට්ලර්

දනංජය එංගලන්තය සමඟ මෙතෙක් පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග 2කට පමණක් ක්‍රීඩා කර තිබුනත් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ එක්දින ක්‍රිකට් තරග 24කට සහභාගී වී ලකුණු 518ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 27.26ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. බට්ලර් 47.00ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස්කරගෙන ඇත. ඔහු තරග 21ක දී ඉනිම 17කට සහභාගි වෙමින් ලකුණු 64ක් රැස්කරගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක තුනක් සිය ලකුණු ගොන්නේ සටහන් කරගෙනයි.
2020 දිනන දක්ෂයින් සොයා යෑම මේ තරගාවලියේ අරමුණක් – හෂාන්
සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් …
ලසිත් මාලිංග හා ක්‍රිස් වෝක්ස්

දකුණතින් මද වේගපන්දු යවන ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 77කට සහභාගී වෙමින් කඩුලු 112ක් දවාගෙන ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගත් කඩුලු 22ක් තිබේ. ඒ සඳහා ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්දින ක්‍රිකට් තරග 14ක් පමණි. මාලිංග එංගලන්තය සමඟ පැවති එක්දින තරග 27කට ක්‍රීඩා කරමින් කඩුලු 34ක් දවාගෙන ඇත්තේ 28.35ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
තෙවන එක්දින තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා කලව ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති නිසා ඒ වෙනුවෙන් සධීර සමරවික්‍රම තෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වීමට වැඩි ඉඩක් තිබෙන අතර එංගලන්තයේ ලියාම් ඩෝසන් ද කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්වයක් නිසා තෙවන එක්දින තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට ජෝයි ඩෙන්ලි එංගලන්ත කණ්ඩායම සමඟ එක්වීමට වැඩි ඉඩක් තිබෙන බවයි දැනට වාර්තා වී තිබෙන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායම: නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, ලක්ෂාන් සඳකැන්.
එංගලන්ත කණ්ඩායම: ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටෝව්, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, ජෝස් බට්ලර්, ඉයන් මෝර්ගන් (නායක), මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, ජැක් ලීච්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්
>> දෙවන එක්දින තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින මතකයන්
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්වා ඇති එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බලද්දී 2014 වර්ෂයේ දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක්දින තරග 2කට සහභාගී වී ඇති අතර ඉන් එක් තරගය බැගින් දෙපිලම ජයගෙන සම මට්ටමක රැඳී සිටී.
පල්ලෙකැලේ තණතීරුව, කාසියේ වාසියේ වැදගත්කම හා කාලගුණ තත්වය

අවසන් නිගමනය
ශ්‍රී ලංකා – එංගලන්ත තරග ඉතිහාසය බැලූ විට ශ්‍රී ලංකාවට ද, ශ්‍රේණිගත කිරීම්වලින් බැලූ කළ එංගලන්තයට වැඩි වාසි හිමි වේ. ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීමේ පළමුවැනි තැන පසුවෙයි. නමුත් ඒ කිසිවක් මේ තරගය සඳහා අදාළ වන්නේ නැත. අදාළ වන්නේ තරගය පැවැත්වෙන දිනයේ දී අඩුපාඩුකම් අවම කරගෙන ක්‍රීඩා කිරීමයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට (17) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට දිවා/රාත්‍රී තරගයක් ලෙස මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ. එහි තොරතුරු, එසැණ තොරතුරු හා සේයාරූ JAT Holdings අනුග්‍රහයෙන් ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















