2015 සිට යම් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලානය සඳහා පිටත් වන්නේ තරගාවලියේ අවධානය අඩුවෙන්ම හිමි වූ කණ්ඩායමක් ලෙසයි.
Photo Story: No කතා; කෙළින්ම විකට් එකේ!!
නවසීලන්තය සමඟ පැවති පළමු තරගයේ දී දරුණු පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේ දී තියුණු සටනකට පසුව ඇෆ්ගනිස්තානය පරාජය කරන්නට සමත් විය. නමුත් ඊට පසුව ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය පරාජය වීම නිසාවෙන් තරගාවලියේ රැඳී සිටීමට නම් ඉතිරි තරග සියල්ලම පාහේ ජය ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය.
ඒ අනුව ජුනි මස 21 වැනිදා ලීඩ්ස් හී හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙන්නේ තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස විචාරකයන් හැඳින්වූ එංගලන්තය සමඟ තීරණාත්මක තරගයකට මුහුණ දීමටයි.
අද Photo Story ලිපිය වෙන් වන්නේ එම තරගයේ දී ThePapare.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.
- බලාපොරොත්තු සුන් වූ ආරම්භය
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් තරගාවලිය පුරාවට සාර්ථකම පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න එක් ලකුණකටත්, කුසල් ජනිත් පෙරේරා ලකුණු දෙකකටත් පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.
-
වැටුණු ඉනිමට පන දුන් අවිශ්කගේ ප්‍රහාරය

නමුත් සිය අර්ධ ශතකය අභියස දී අනවශ්‍ය පහරක් එල්ල කරමින් දැවී යන විට පන්දු 39ක් තුල ලකුණු 49ක් ඔහු විසින් රැස්කර තිබූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව ද 62ක් දක්වා ඉහළ දැමීමට ඔහු සමත්ව තිබුණි.
-
තරගයේ බර කරට ගත් මෙන්ඩිස්- මැතිව්ස් සුසංයෝගය
අවිශ්කගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්වූ කුසල් මෙන්ඩිස් තරමක ආරක්ෂාකාරී පිතිකරණයක් පෙන්නුම් කරමින් කෙමින් කෙමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය.
මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 133ක් වන විට ඔයින් මෝර්ගන්ගේ දක්ෂ පන්දු රැකීම නිසාවෙන්, ලකුණු 71ක සම්බන්ධතාවක් අවසන් කරමින් කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 68ක් තුළ දී ලකුණු 46ක් රැස්කරමිනි.
-
මැතිව්ස්ගේ සහයට ආ ධනංජය

ඒ අනුව තරගයේ හයවැනි කඩුල්ල සඳහා ලකුණු 57ක සබඳතාවයක් ගොඩනගමින් ලකුණු පුවරුව 190ක් දක්වා ඉහළ දැමීමට ඔවුන් දෙදෙනාට හැකි විය.
Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල
-
ලීඩ්ස් හී නැවතත් සාර්ථක වූ මැතිව්ස්

-
යෝකර් රජුගෙන් සාර්ථක ආරම්භයක්

-
නායකයා හරවා යැවීමට රැක ගත් සුපිරි උඩපන්දුව

-
තරගයේ ජය ප්‍රමාද කල ස්ටෝක්ස්-රූට් සම්බන්ධතාවය

Photo Story – ඔලිම්පික් සිහිනයට පන පොවන හලාවත දිරිය දියණිය
-
ජය මාවත වෙනස් කළ මාලිංගගේ නැවත ආගමනය

එම කඩුල්ල ලබා ගැනීමෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ මාලිංග ලකුණු 10ක් ලබා සිටි ජෝස් බට්ලර්ව ද දවා ගැනීමට සමත් වෙමින් තරගය නැවතත් දෙපිලටම විවර කර දෙන්නට විය.
-
තරගයේ වැඩි වාසි ගෙන ආ ධනංජයගේ රන් හස්තය

එම දවා ගැනීමෙන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ සිල්වා ලකුණු අටක් තුළ පිළිවෙළින් ක්‍රිස් වෝක්ස් සහ ආදීල් රශීඩ්ගේ කඩුලු දවා ගැනීමට සමත් වෙමින් තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට නතු කිරීමට සමත් විය.
-
හදවත් නතර කෙරූ ස්ටෝක්ස්ගේ හුදකලා සටන

එතැන් පටන් අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කිරීමට පටන් ගත් ස්ටෝක්ස් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට ගේන ඒමට සමත් වන්නේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ද හදගැස්ම මොහොතකට නතර කරමිනි.
-
ඉතිහාසගත ජයක් තහවුරු කළ නිහඬ වෙඩික්කරු

එහි දී 47 වැනි පන්දුවාරය යොමු කළ නුවන් ප්‍රදීප් හට අවසාන පන්දුවේ දී එංගලන්ත අවසාන පිතිකරු ලෙස පිටියට පිවිසි මාක් වුඩ් හට පන්දු යැවීමට අවස්ථාව හිමි විය. මෙම පන්දුව ආරක්ෂා වූවා නම් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා යාමට බොහෝ ඉඩක් තිබුණි.
කෙසේ නමුත් තරගය පුරාම ඉතා සාර්ථක පාලනයකින් යුතුව පන්දු යවමින් සිටි නුවන් ප්‍රදීප් තමන්ට ලැබුණු අවස්ථාව සාර්ථක කර ගනිමින් වුඩ් දවා ගැනීමට සමත් වන්නේ ලෝක කුසලානය තුළ සිදු වූ පෙරළිකාරම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දෙමිනි.
මෙම ජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව බොහෝ දෙනා තම අවධානය යොමු කිරීමට පටන් ගත් අතර තරගය පුරාවට කඩුලු 4ක් දවා ගත් ලසිත් මාලිංග හට තරගයේ වීරයා සම්මානය පිරිනමන ලදි.
තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

























