චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි!

AFC Asian Qualifications Final Round 2026

1
AFC Asian Qualifications Final Round 2026

2026 AFC Asian Qualifications අවසන් තරග වටයේ ශ්‍රී ලංකාවේ අවසන් තරගය අද චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්වුණා.

තායිපේ හිදි පැවැත්වුණු මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් ඉතා විශිෂ්ට ක්‍රීඩා රටාවකට අනුගත වෙමින් ක්‍රීඩාවේ නියැලුණු අතර, ඔවුන් තරගය ආරම්භ වී 18 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

රාහුල් සුරේෂ් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ සිය මංගල ගෝලය ලෙස එය වාර්තා කළ අතර, ඉන් පසුව තරගයේ 26 වැනි මිනිත්තුවේ දී නිලෝශන් සෙන්තූර්වාසන් විසින් සිය මංගල ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව තරගයේ දෙවැනි අර්ධයට පිවිසෙන විට ගෝල 2-0ක් ලෙස පෙරමුණේ රැඳීමට සමත් ව තිබූ අතර, තරගයේ දෙවැනි අර්ධයේ ආරම්භ වී මොහොතකින් (තරගයේ 53 වැනි මිනිත්තුවේ දී) චීන තායිපේ ක්‍රීඩක Christopher Tiao විසින් Own Goal එකක් වාර්තා කළා.

කෙසේ වෙතත් එතැනින් පසුව කණ්ඩායම් දෙකෙන් ම වෙනත් ගෝල වාර්තා නොවූ අතර, ශ්‍රී ලංකාවට තරගයෙන් ගෝල 3-0ක විශිෂ්ට ජයක් හිමි වුනා.

දෙස්, විදෙස් පාපන්දු පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<