ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය අද (18) ගෙවී ගියේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමිකර දෙමිනි. රෝස පැහැ පන්දුව යොදාගෙන දිවා – රාත්‍රි තරගයක් ලෙස හෝබාර්ට් හිදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනයේ දිවා විවේකය දක්වා සියලු ගෞරව ශ්‍රී ලංකාව සතු වුවද මැදපෙළ පිතිකරුවන් දෙදෙනෙකු වන කර්ටිස් පැටර්සන් (157*) සහ ජේක් ඩොරාන් (102*) ගොඩනැගූ ද්විත්ව ශතක සබඳතාවය නිසා තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරුණි.
චමීර සහ රාජිත ලබා දුන් සුපිරි ආරම්භයට පැටර්සන් හරස් කපයි
අසාර්ථක නවසීලන්ත සංචාරයකට පසු ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත කෙටි තරග සංචාරයක මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම නිරත…
ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු පිළ සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 316ට පිළිතුරු ලබා දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38කි. අද තරගය ආරම්භ වී තීරණාත්මක මුල් පැයට සාර්ථකව මුහුණ දීමට ඒ වන විට පිටියේ ස්ථාවර වී සිටි දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න සමත් විය. ඒ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 65ක් දක්වා ඉහළ නංවා ගනිමිනි. කෙසේ වෙතත් දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 44ක් ලබාගෙන සිටි දිමුත් කරුණාරත්නව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් සමත් විය. දිමුත් ඒ වන විට හතරේ පහර 4ක් තම ඉනිම තුල අන්තර්ගත කරගෙන සිටියේය.
නමුත් එතැන් සිට ශ්‍රී ලංකාවට පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට නොහැකි වූ අතර බොහොමයක් පිතිකරුවන් තමන් ලබාගත් ආරම්භය දිගු ඉනිමක් බවට පරිවර්තනය කිරීමට අපොහොසත් විය. කලකට පසු නැවතත් ජාතික ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට මාන බලන ලහිරු තිරිමාන්න (32*) අද දැවී ගියේ කඩුල්ල කෙලින් පැමිණි පන්දුවකට එල්ල කළ ඔන්-ඩ්රයිව් පහර පන්දු යැවූ ක්‍රිස් ට්‍රෙමේන් විසින්ම රැක ගැනීම නිසාවෙනි. අද දින පන්දු යැවීමේ අවස්ථාව හිමිකර ගැනීමට පන්දුවාර 57ක් බලා සිටීමට සිදු වූ මාර්නස් ල’බුශේන් ස්වකීය පා දඟපන්දුවෙන් කඩුලු දෙකක් දවා ගත්තේ තමන් තුන් ඉරියව්වෙන්ම කණ්ඩායමට සේවය සැපයිය හැකි වටිනා ක්‍රීඩකයෙකු බව තහවුරු කරමිනි.
ඔහු ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ව (32) පිටියෙන් ඉවත් කළ අතර එය පන්දු යවන්නාගේ දක්ෂතාවයට වඩා පිතිකරණයේ නොසැලකිලිමත්කම නිසා බිඳ වැටුණු කඩුල්ලක් බවට පත්විය. කෙසේ වෙතත් මාර්නස්ගේ දෙවැනි කඩුල්ල තණතිල්ලේ වැදී දඟ කැවීමෙන් අනතුරුව ස්ලිප් හි පන්දු රැකි මැට් රෙන්ශෝ ලබාගත් විශිෂ්ට උඩපන්දුවක් නිසා ප්‍රතිඵල විය. ඒ හමුවේ දැවී ගියේ ලකුණු 14ක් ලබා සිටි දකුණත් පිතිකරු ධනංජය ද සිල්වායි. සදීර සමරවික්‍රමට ද පිටියේ වැඩි වේලාවක් රැඳී සිටින්නට ස්කොට් බෝලන්ඩ් ඉඩ තැබුවේ නැත.
“අපිට ඕන හොඳ ආරම්භයක්” – දිනේෂ් චන්දිමාල්
නවසීලන්තයේ දී කිසිදු ජයක් වාර්තා කර ගැනීමට නොහැකි වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු තරමේ දස්කම් දැක්වූයේ ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගනිමිනි. පොඩි කුසල්ට…
මේ අයුරින් නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම නිසා කණ්ඩායම් දෙකේම නායකයින් එකඟ වූ පරිදි පන්දුවාර 75කට පසු ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 176ක් පමණි. ඒ වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටි රොෂේන් සිල්වා හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියේය. අද ශ්‍රී ලංකා ඉනිම පුරාවට මැදපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පිතිකරණය සඳහා නොපැමිණිය ද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට සැනසුම් සුසුම් හෙලිය හැකි පුවතක් අද උදෑසන වන විට දැන ගන්නට ලැබුණි. එනම් කුසල් මෙන්ඩිස්ගේ අත එක්ස්-රේ පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ පන්දුව ගැටීම නිසා ඔහුගේ අස්ථි බිඳීමක් සිදුව නොමැති බව තහවුරු වීමයි.
අද රාත්‍රි කාලයේ පන්දුවාර 26ක් සඳහා පන්දුවට පහර දීමට පැමිණි ඕස්ට්‍රේලියානුවන් තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් වැය කරමින් ලකුණු 99ක් රැස් කිරීමට සමත් විය. ඒ අතරතුර ඔවුන්ට අහිමි වූයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ජෝ බර්න්ස් සහ මැට් රෙන්ශෝගේ කඩුලු ද්විත්වයයි. ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 22ක් ලබා සිටි නායක ජෝ බර්න්ස්, දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ධනංජය සිල්වා අතට උඩපන්දුවක් ලබා දෙමිනි. කසුන් රාජිතගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන මොහොත වන විට රෙන්ශෝ ලබා සිටියේ ලකුණු 10ක් පමණි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ප්රථම ඉනිමේ ශතකලාභී කර්ටිස් පැටර්සන් සහ මාර්නස් ල’බුශේන් අතරේ අර්ධ ශතක සබඳතාවයක් මේ වන විට වර්ධනය වී තිබේ. ඔවුන් දෙදෙනාම මේ වන විට පිටිය මැද ස්ථාවර වී සිටින නිසා හෙට දහවලේ සිට ඕස්ට්‍රේලියානුවන් වේගවත්ව ලකුණු රැස් කිරීමට වැඩි ඉඩකඩක් පවතී. ඒ ශ්‍රී ලංකාවට නැවත පිතිකරණ අවස්ථාව ලබා දී ඔවුන්ව ඉක්මනින් දවාගෙන තරග ජයක් වෙනුවෙන් ඉව ඇල්ලීමටයි. මේ වන විටත් ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 239ක් ඉදිරියෙන් පසුවන්නේ මේ දක්වා තරගය තුල සියලු ගෞරව උපයා ගනිමිනි.
ක්‍රිකට් නිලවරණයට අලුත් දිනයක්; උණුසුම් තරගයක් අපේක්ෂිතයි
බොහෝ දෙනා අපේක්‍ෂාවෙන් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) නිලවරණය, ක්‍රීඩා නීතියට ගෙන එන ලද නව රෙගුලාසිවලට අදාළ තාක්ෂණික දෝෂයක් නිසා…
ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම): කඩුලු 5ක් දැවී ලකුණු 316 (පන්දුවාර 75): කර්ටිස් පැටර්සන් 157*, ජේක් ඩොරාන් 102*, විල් පුකොව්ස්කි 23, දුෂ්මන්ත චමීර 3/57, කසුන් රාජිත 2/71.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම): කඩුලු 5ක් දැවී ලකුණු 176 (පන්දුවාර 75): දිමුත් කරුණාරත්න 44, රොෂේන් සිල්වා 36*, ලහිරු තිරිමාන්න 32, දිනේෂ් චන්දිමාල් 32, ධනංජය ද සිල්වා 14, මාර්නස් ල’බුශේන් 2/27, ස්කොට් බෝලන්ඩ් 2/37.
ඕස්ට්‍රේලියානු (දෙවැනි ඉනිම): කඩුලු 2ක් දැවී ලකුණු 99 (පන්දුවාර 26.1): මාර්නස් ල’බුශේන් 33*, කර්ටිස් පැටර්සන් 30*, ජෝ බර්න්ස් 22, කසුන් රාජිත 1/9, දුෂ්මන්ත චමීර 1/28.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















