අසාර්ථක නවසීලන්ත සංචාරයකට පසු ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත කෙටි තරග සංචාරයක මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම නිරත වෙමින් සිටියි.
ඊට පෙර සූදානමක් වශයෙන් තුන්දින පුහුණු තරගය අද (17) වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන හෝබාර්ට් නුවර බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. විශේෂත්වය වන්නේ මෙය පුහුණු තරගයක් පමණක් වුවද දිවා – රාත්‍රි ටෙස්ට් තරගයක් වශයෙන් පැවැත්වීමයි.
පැතුම් සහ චාමික අයර්ලන්තය මෙල්ල කරයි
පළමු ඉනිමේ පෑ දක්ෂතා හේතුවෙන් ආඩම්බරයෙන් සිටි සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ රැස් බැස්සවීමට
එහි දී කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ජෝ බර්න්ස් මුලින් පිත්ත අතට ගැනීමට තීරණය කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සයවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ කසුන් රාජිත ඕස්ට්‍රේලියානු නායකයාව නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමින් තම කණ්ඩායම වෙනුවෙන් පළමු වෙඩිමුරය දැල්වීය. ඒ බර්න්ස්ගේ පිත්තේ දැවටී ඇදී ගිය පන්දුව තෙවැනි ස්ලිප් හි පන්දු රැකි ධනංජය සිල්වා ගුවනේ ඉගිලී ගොස් අනර්ඝ උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගැනීම හේතුවෙනි.
ඉන් අනතුරුව පන්දුව අතට ගත් දුෂ්මන්ත චමීර පළමු සැසියේ සම්පූර්ණ ගෞරව ශ්‍රී ලංකාවට ලබා දෙමින් පිට පිටම ක්‍රියාත්මක කළ පන්දුවාර දෙකක දී කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් විය. ඒ වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 25ට කඩුලු 3ක් වශයෙනි.
මේ වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම අත තරගයේ සම්පූර්ණ පාලනය පැවතුණු අතර ඔවුන්ට කනස්සල්ලට හේතු වූ එකම සිදුවීම වූයේ තම දෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ නුවන් ප්‍රදීප් පාදයේ හට ගත් ආබාධයකින් පසුව පිටිය හැර යාමයි.
කෙසේ හෝ ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු ඉනිම නැවත ගොඩ නැගීමට තවමත් 20 හැවිරිදි වියේ පසුවන විල් පුකොව්ස්කි සහ 25 වියැති කර්ටිස් පැටර්සන් අතරේ නිර්මාණය වූ ලකුණු 63ක සබඳතාවය හේතු විය. ඒ වෙනුවෙන් පුකොව්ස්කි ලකුණු 23කින් ආධාර විය. නමුත් එතකින් නොනැවතුණු පැටර්සන් තරගය ආරම්භ වී ප්‍රථම පැය තුලම ශ්‍රී ලංකා කණ්ඩායමේ ග්‍රහණයට නතුව තිබූ තරගය සම්පූර්ණයෙන්ම ඉන් මුදා ගනිමින් පන්දු 212ක දී ලකුණු 157ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ හතරේ පහර 21ක් සහ එක් දර්ශනීය හයේ පහරක් සමඟිනි.
ICCයේ ලොකු පුටුවකට අලුත් අයෙක්
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මනූ ස්වෝනි මහතා පත්කර තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත්
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට සැනසුම් සුසුම් හෙලිය හැකි සිදුවීම වන්නේ මෙවන් විශිෂ්ට ඉනිමක් ගොඩ නැගූ කර්ටිස් පැටර්සන් එළඹෙන 24 වැනිදා බ්‍රිස්බේන් හිදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයේ නොමැති වීමයි!
පැටර්සන්ට මෙම ඉනිම ගොඩ නැගීමට දැවැන්ත රුකුලක් වූ කඩුලු රකින පිතිකරු ජේක් ඩොරාන් ද නොදැවී ලකුණු 102ක් ලබා ගනිමින් සයවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 218ක් බවට පරිවර්තනය කිරීමට සමත් විය. ඒ තම මව්බිමේ දී තරගයකින් තොරව තමන් පසු නොබසින බව සනාථ කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය. විශේෂයෙන් ඔවුන් දෙදෙනා පන්දු රකින්නන් අතර හිඩැස් මනා සේ උපයෝගී කර ගනිමින් ලකුණු ලබා ගත්තේ කිසිදු පීඩනයකින් තොරවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු තුරුම්පු දෙක වන දිල්රුවන් පෙරේරාට සහ ලක්ෂාන් සඳකැන්ට අද දිනයේ එකදු කඩුල්ලක් හෝ හිමි නොවූ අතර සඳකැන් ක්‍රියාත්මක කළ පන්දුවාර 10ට ඕස්ට්‍රේලියානුවන් ලකුණු 70ක් ලබා ගැනීම කැපී පෙනුණි.
ඒ අතරතුර ජේක් ඩොරාන් එල්ල කළ වේගවත් පුල් පහරක් ශෝට් ලෙග් හී පන්දු රැකි කුසල් මෙන්ඩිස්ගේ දකුණතේ සුලැඟිල්ලේ තදින් වැදීම නිසා ඔහුට ද ක්‍රීඩා පිටිය හැර යන්නට ද සිදු විය. කණ්ඩායම් දෙකටම රාත්‍රි කාලයේ රෝස පැහැ පන්දුවෙන් පිතිකරණයේ යෙදීමට අවස්ථාව සැලසීමේ අටියෙන් කාසියේ කණ්ඩායම් දෙකේම නායකයින් උපරිම පන්දුවාර 75ක් පමණක් පිතිකරණයේ යෙදීමට ගිවිස ගෙන තිබූ නිසා ඕස්ට්‍රේලියානුවන් සිය ඉනිම අත් හිටවූ අතර ඒ වන විට ඔවුහු කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 316ක් ලබා සිටියහ.
අකිල යළිත් දස්කම් අතරට
අකිල ධනංජය යනු, අවසන් මාස 12කට අධික කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින මෙන්ම ටෙස්ට් තරග අංශවල දී වැඩියෙන්ම
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 13ක් සඳහා පිතිකරණයේ යෙදීමට අවස්ථාව සැලසුණු අතට දිමුත් කරුණාරත්න (26*) සහ ලහිරු තිරිමාන්න (12*) දිනය නිමා වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය. ඒ පළමු කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 38ක සබඳතාවයක් ගොඩ නංවා ගනිමිනි.
ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම): කඩුලු 5ක් දැවී ලකුණු 316 (පන්දුවාර 75) කර්ටිස් පැටර්සන් 157*, ජේක් ඩොරාන් 102*, විල් පුකොව්ස්කි 23, දුෂ්මන්ත චමීර 3/57, කසුන් රාජිත 2/71.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම): කිසිවකු නොදැවී ලකුණු 38 (පන්දුවාර 13) දිමුත් කරුණාරත්න 26*, ලහිරු තිරිමාන්න 12*.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















