මෙන්ඩිස් සහ දික්වැල්ල ශ්‍රී ලංකාවට සැනසීම උදා කරයි

2103
image courtsy- Cricbuzz

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය (17)  නිමාවේ දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 334ක් ලබා සත්කාරක කොදෙව් ක්‍රීඩකයන්ට වඩා ලකුණු 287ක් ඉදිරියෙන් පසු වෙන්නේ තවත් කඩුලු 2ක් ද අතැතිව ය.

ශ්‍රී ලංකාවට අනපේක්ෂිත චෝදනාවක්; කොදෙව්වෝ Overtake කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත…

බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ලබාගත් ලකුණු 253ට කොදෙව්වන්ගේ පිළිතුරු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 300කි.

පෙර දිනයේ කඩුල්ලක් අහිමි කර ගනිමින් අද දිනයට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා විවේකයට පෙර වරෙක කඩුලු 4ක් දැවී ලකුණු 48ක්ව තිබූණි. මේ අවාසනාවන්ත ලකුණු පුවරුව දිනයේ දිවා විවේකයට බේල්ස් ඉවත් කෙරෙන විට වෙනස් කිරීමට 5 වැනි කඩුල්ල හා එක්වූ කුසල් මෙන්ඩිස් සහ නායක දිනේෂ් චන්දිමාල් සමත් වූහ. කඩුලුවලට නැංගුරම් ලූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 136 දක්වා රැගෙන ඒමට සමත් වූහ. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට සම්බන්ධතාව ලකුණු 88කි.

දිවා විවේකය වෙද්දී කුසල් මෙන්ඩිස් (53*) සහ දිනේෂ් චන්දිමාල් (27*) පිටියේ නොදැවී රැඳී සිටිමින් තමන්ගේ ලකුණු යන්ත්‍ර පණ ගන්වමින් ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ලකුණු 89ක් ඉදිරියට ගෙනවිත් තිබුණි. දිනයේ පෙර අර්ධයේ දී  පළමු ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කළ කුසල් මෙන්ඩිස් අද තම ටෙස්ට් තරග දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ තමන් මුහුණ දුන් 67 වැනි පන්දුවේ දී ය.

පෙර දිනයේ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි කසුන් රාජිත දිනයේ ආරම්භක පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී කිසිදු ලකුණක් නොලබා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් තමන්ගේ ඉනිම නිමා කර ගත්තේය. කඩුල්ලේ හිමිකාරයා වූයේ ෂැනොන් ගේබ්‍රියෙල් ය.

ශ්‍රී ලංකාව වැරදිකරු වෙයි; චන්දිමාල්ට දඬුවම් කිරීමට සැරසේ

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සාන්ත ලුසියා හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සිදු වුනා…

ඉන් අනතුරුව පිටියට පිවිසියේ ධනංජය ද සිල්වා ය. ධනංජයට ද පිටියේ වැඩි වේලාවක් රැඳී සිටීමට ගේබ්‍රියෙල් ඉඩ දුන්නේ නැත. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 44ක් වෙද්දී තෙවැනි කඩුල්ල ලෙසින් ධනංජය දැවී ගියේ ඩෙවොන් ස්මිත් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 3කි.

අනතුරුව එතෙක් වේලා කඩුල්ල ආරක්ෂා කර ගනිමින් දීර්ඝ ඉනිමක් කරා යෑමේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටි මහේල උඩවත්ත කඩුල්ලේ රැඳී සිටිය යුතු අවශ්‍යම අවස්ථාවේ කඩුල්ල හැර ගියේය. ඒ 4 වැනි කඩුල්ල ලෙසින් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගනිමිනි.

දිවා විවේකයෙන් අනතුරුව 5 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 127ක්ව පවතිද්දී දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කිරීමට කොදෙව්වෝ සමත් වූහ. පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් චන්දිමාල් රැස් කළ ලකුණු 39 සංඛ්‍යාව 39කි.

දිනයේ යැවුණ 46 වැනි පන්දුවාරය අවසානයේ දී ක්‍රීඩාංගණයට අද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණු අතර එම කාලයේ දී ම තේ විවේකය ද යොදා ගැණුනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ව තිබුණ අතර කොදෙව්වන්ට වඩා කඩුලු 5ක් අතැතිව ලකුණු 147ක් ඉදිරියෙන් සිටිය හ. වර්ෂාව සහ පිටියේ පැවති අයහපත් තත්ත්වය මත දිනයේ පන්දු වාර 10ක් අහිමි කෙරුණි.

චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව මෙන්ඩිස්ට එකතු වූයේ රොෂේන් සිල්වා ය. ඔහුත් සමඟ එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් 34ක සබඳතාවක් එක් කිරීමට මෙන්ඩිස් සමත් විය. ෂැනොන් ගේබ්‍රියෙල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා මෙන්ඩිස්ගේ ඉනිම හමාර වූයේ 199 වැනි මාරක ලකුණේ ලකුණු පුවරුවේ නැවතී තිබිය දී ය.

තමන් මුහුණ දුන් 117 වැනි පන්දුවේ දී කුසල් මෙන්ඩිස්ට තම ඉනිම අහිමි වෙද්දී හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 87ක් රැස් කරගෙන තිබුණි.

අනතුරුව රොෂේන් සිල්වා සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එක්ව මෙන්ඩිස් – චන්දිමාල් සුසංයෝගී ඉනිමට නොදෙවෙනි ඉනිමක් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගීමට පෙරමුණ ගත්හ. ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 99කි. එය ද මාරක ලකුණක් ම වෙද්දී රොෂේන් සිල්වාට තම ටෙස්ට් තරග දිවියේ සිව්වැනි අර්ධ ශතකය රැස් කිරීමට තිබූ අවස්ථාව ලකුණු දෙකකින් අහිමි විය. ඒ වෙද්දී රොෂේන් සිල්වා පන්දු 115කට මුහුණ දෙමින් තම ඉනිමට හතරේ පහර දෙකක් එක්කර ගෙන තිබුණි.

තම 19 වැනි ටෙස්ට් තරගයට සහභාගී වෙන නිරෝෂන් දික්වැල්ල අද තම ටෙස්ට් දිවියේ ලකුණු දහසේ සමාජයට එක් වීමට සමත් වූයේ 9 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කරමිනි. ගැබ්‍රියෙල්ගේ පන්දුවකට දික්වැල්ල තම ඉනිම අහිමි කර ගන්නා විට පන්දු 70ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියේ ය.

සිව්වැනි දිනය නිමා වූයේ අකිල ධනංජය සහ සුරංග ලක්මාල් පිටියේ රැඳී සිටිය දී ය. මේ වෙද්දී අකිල ධනංජය පන්දු 23ක දී ලකුණු 16ක් ද, සුරංග ලක්මාල් පන්දු 17ක දී ලකුණු 7ක් ද ලබා පිටියේ නොදැවී රැඳී සිටී.

ඇමතිතුමාගේ ආරාධනාව සංගක්කාරත් ප්‍රතික්ෂේප කරයි

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ උපදේශකයෙකු ලෙස එක්වන…

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන 30 හැවිරිදි ශැනොන් ගේබ්‍රියෙල් තම ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 57කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඔහු මීට ප්‍රථම පාකිස්තානයට එරෙහිව පසුගිය වසරේ දී කොදෙව් දේශයේ දී ම ලකුණු 11කට ලබා ගත් කඩුලු 5 එතෙක් හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වී තිබුණි.

ග්‍රේබියෙල් දැනට මෙම තරගයේ දී ලකුණු 116කට කඩුලු 11ක් ලබා ගනිමින් තම ටෙස්ට් තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම ද වාර්තා කරගෙන සිටින්නේ ය. ඊට අමතරව ඔහු මේ වෙද්දී ටෙස්ට් කඩුලු 98ක් ලබා ගනිමින් තීරණාත්මක කඩුලු ශතකය ඉදිරියේ ද පසු වේ.

ලබා ගත් අනෙක් කඩුලු 2 හිමිකාරිත්වය කෙමාර් රොච් සතු විය.

තරගය පස් වැනි තීරණාත්මක දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (79.0) කුසල් පෙරේරා 32, කුසල් මෙන්ඩිස් 45, දිනේෂ් චන්දිමාල් නොදැවී 119, කෙමාර් රොච් 4/49, ෂැනොන් ගේබ්‍රියෙල් 5/59

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 300  (100.3) ක්‍රෙග් බැක්වෙයිත් 22, ඩෙවොන් ස්මිත් 61, කිරාන් පවෙල් 27, රොස්ටන් චේස්  41, ෂේන් ඩොව්රිච් 55, සුරංග ලක්මාල් 2/50, කසුන් රාජිත 3/49, ලහිරු කුමාර 4/86

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 334 ( 89.0 ) කුසල් පෙරේරා 20, කුසල් මෙන්ඩිස් 87, දිනේෂ් චන්දිමාල් 39, රොෂේන් සිල්වා 48, නිරෝෂණ දික්වැල්ල 62,කෙමාර් රොච් 2/75,  ෂැනොන් ගේබ්‍රියෙල් 6/57

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<