රොහාන්ගේ පන්දුවෙන් බංග්ලාදේශ පොඩ්ඩෝ අසරණ වෙයි

581

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද (26) දිනයේ දී සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 74ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරග 2කින් සමන්විත දෙරට අතර සිව්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වූහ.

චමිඳු, සඳුන් ආගන්තුකයින්ගේ ඉලක්කය තවත් ඉහළ දමයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේ දී ජයග්‍රහණය…

ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වූ මෙම සිව්දින තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 351ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ දෙවැනි ඉනිම පන්දුවාර 83ක දී ලකුණු 276කට සීමා කරමින් එම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරකයින් සමත් විය.

ලකුණු 75කට එක් කඩුල්ලක් දැවී තිබිය දී දිනය ඇරඹූ බංග්ලාදේශ යොවුන් ඉනිමේ බලාපොරොත්තු සියල්ල සිහිනයක් බවට පත් කළ වමත් දඟපන්දු යවන රොහාන් සංජය ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා බවට පත්විය. රොහාන්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 35ක දී නිලකුණු පන්දුවාර 5ක් සමඟින් ලකුණු 96කට කඩුලු 5ක් වශයෙනි. ඔහුට අනගි සහායක් ලබා දුන් දකුණත් පිට දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස් ලකුණු 45කට කඩුලු 5ක් දවා ගත්තේය.

වේලාසනම ලබා ගැනීමට තිබූ ශ්‍රී ලංකා ජයග්‍රහණය පමා කළ අක්බර් අලී ලකුණු 90ක් ලබා සිටිය දී රොහාන් සංජයගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත් විය. අර්ධ ශතකය, මුහුණ දුන් 91ක් වැනි පන්දුවේ දී රැස්කර ගත් අක්බර් ඉතිරි ලකුණු 40 ලබා ගැනීම සඳහා වැය කළේ පන්දු 22ක් පමණි. හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වූ පන්දු 113කින් සමන්විත වූ අක්බර්ගේ කඩුල්ල සංජයගේ නම ඉදිරියෙන් සටහන් වීමත් සමඟ ඔහුගේ කඩුලු මල්ලට 10 වැන්නත්, ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ජයග්‍රහණයත් සනිටුහන් විය.

ශ්‍රී ලංකා – එංගලන්ත ඉතිහාසයට නව පිටුවක් එකතු වන තරගයක්

වසර 36ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් වාර්තා පොතට හෙට (27) තවත් සුවිශේෂී වාර්තාවක් එකතු වන්නේ දෙරට අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් …

බංග්ලාදේශ පළමු ඉනිමේ දී ද ලකුණු 17කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වන රොහාන් සමස්ත තරගයේ දී  ලකුණු 113කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණි. කළුතර තිස්ස මැදි මහ විදුහල නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ඒමට වරම් ලද රොහාන්ගේ වයස තවමත් අවුරුදු 17කි.

ගෙවී ගිය 2017-18 පාසල් තරග වාරයේ දී තරග 12කට සහභාගි වන රොහානි එහි දී කඩුලු 113ක් බිඳ හෙළමින් වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ දොර විවර කර ගැනීමට සමත්වන්නේය. වාර්තා වන අන්දමට ගෙවී ගිය වසරේ අවුරුදු 19න් පහළ දෙවැනි කාණ්ඩයේ කඩුලු 100 සීමාව ඉක්මවූ එකම පන්දු යවන්නා වන්නේ ද රොහාන් සංජයයි.

තිස්ස මැදි මහ විදුහලේ ප්‍රධාන පුහුණුකරු වන රිෂාන් සජිත් ද සිල්වා මහතා යටතේ පුහුණුව ලබන රොහාන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඩයලොග් ආසිආටා ආයතනය විසින් සංවිධානය කරන ලද පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ වසරේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වීම ද කැපී පෙනෙයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

බංග්ලාදේශ ලකුණු පුවරුවට ලකුණු 9ක් එක් වන විට දිනයේ පළමු කඩුල්ල වශයෙන් සජීඩ් හසන්ව දවා ගැනීමට රොහාන් සංජය සමත් විය. එහෙත් බංග්ලාදේශ යොවුන් නායක ටවුහිඩ් රිඩෝයිට එක් වන අමිට් හසන් ක්‍රම ක්‍රමයෙන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සාහ දරද්දී ඊට හරස් වූ සඳුන් මෙන්ඩිස් නායක රිඩෝයිගේ කඩුල්ල දවා ගනිමින් තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 28 කට සීමා කළේය.

රිඩෝයිගේ දැවී යෑමෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 32ක් එක් වන අතර වාරයේ තවත් කඩුලු 4ක් බෙදා ගන්නා රොහාන් සහ අෂේන් ලකුණු 112කට කඩුලු 2ක් වී තිබූ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 144ට කඩුලු 6ක් බවට පත් කළහ. කඩුලු එක පිට එක දැවී ගිය ද සටන අත් නොහළ කඩුලු රකින ක්‍රීඩක අක්බාර් අලීට පසුපෙළ සමඟ එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි සටනක් දියත් කළ ද එය ජයග්‍රහණයේ පරතරය අඩුකෙරුණු හැරෙන්නට ප්‍රතිඵලයේ වෙනසකට බලපෑවේ නැත.

මෙහි දී 8 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි හසන් ජෝයි, අක්බර් අලී සමඟ එක් වෙමින් ලකුණු 66ක් එක් කරමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 250 පෙනෙන මානව දක්වා රැගෙන යෑමට සමත් විය. මේ සඳහා හසන් ජෝයිගේ දායකත්වය පන්දු 74ක දී ලකුණු 26කි. එම කඩුල්ලේ සම්බන්ධතාවට ප්‍රථම අක්බර් අලී සහ රිතුන්ජෝයි චෞද්‍රි අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක සම්බන්ධතාවක් ගොඩනැංවුණු අතර එහි දී ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කළ චෞද්‍රි පන්දු 21ක දී ලකුණු 23ක් රැස් කළේය.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 91ක දී සියලු දෙනා දැවී ලකුණු 219 – නවෝද් පරණවිතාන 79, කමිල් මිෂාර 52, මොහොමඩ් ශමාස් 10, සඳුන් මෙන්ඩිස් 10, චමිඳු විජේසිංහ 17, නවීන් ප්‍රනාන්දු 20*, රොහාන් සංජය 14, ශහීන් අලාම් 37/5, රිතුන්ජෝයි චෞද්‍රි 52/3)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 92ක දී ලකුණු 233/9 – චමිඳු විජේසිංහ 55, නවෝද් පරණවිතාන 36, නිපුන් ධනංජය 23, කමිල් මිෂාර 13, මොහොමඩ් ශමාස් 14, සොනාල් දිනූෂ 37, සඳුන් මෙන්ඩිස් 36, අෂේන් ඩැනියල් 10, රකිබුල් හසන් 93/7, ශහීන් අලාම් 31/1, ටවුහිඩ් රිඩෝයි 24/1

බංග්ලාදේශ පළමු ඉනිම පන්දුවාර 36ක දී සියලු දෙනා දැවී ලකුණු 109 – ටන්සිඩ් හසන් 50, සජීඩ් හොසේන් 22, රකිබුල් හසන් 15*, රොහාන් සංජය 17/5, අ‍ෂේන් ඩැනියෙල් 37/5

බංග්ලාදේශ දෙවැනි ඉනිම පන්දුවාර 83ක දී සියලු දෙනා දැවී ලකුණු 276 – අක්බර් අලී 90, ටන්සිඩ් හසන් 37, සජීඩ් හසන්  36, ටවුහිඩ් රිඩෝයි 18, අමිට් හසන් 16, ශමීම් පට්වරි 13, රිතුන්ජෝයි චෞද්‍රි 23, හසන් ජෝයි 26, රොහාන් සංජය 96/5, සඳුන් මෙන්ඩිස් 45/3 චමිඳු විජේසිංහ 23/1, අෂේන් ඩැනියෙල් 87/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<