දෙවන ආසියානු කාන්තා 23න් පහළ වොලිබෝල් ශූරතාවලිය එළඹෙන මැයි 13 වැනිදා තායිලන්තයේ නාකොන් රචසිමා හිදී පැවැත්වේ. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාව එක්වන්නේ “C” කාණ්ඩයෙන් වන අතර කණ්ඩායම ලබන බදාදා (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
23න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම සූදානම්!
ඉරානයේ ආඩබිල් නුවර දී ඇරඹීමට නියමිත ‘දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය’ සඳහා..
“A” සහ “B” කාණ්ඩවලට කණ්ඩායම් 3 බැගින් ඇතුළත් වන අතර “C” සහ “D” කාණ්ඩවලට කණ්ඩායම් 4 බැගින් ඇතුළත් වේ. “C” කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට හමුවන අනෙකුත් ප්‍රතිවාදීන් වන්නේ චීන තායිපේ, කසකස්තානය සහ ඕස්ට්‍රේලියාවයි. ඒ, මින් පෙර පැවති තරගාවලියේ දී පිළිවෙළින් 5 වැනි සහ 9 වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් වේ. ඕස්ට්‍රේලියාවත්, ශ්‍රී ලංකාවත් තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙයයි.
මෑත අතීතය
ආසියානු වොලිබෝල් පිටියේ දී වැඩි දස්කම් පා ඇත්තේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම් වුවත් කාන්තා කණ්ඩායම් ද සෑමවිටකම ආසියානු මට්ටමේ ඉහළම කණ්ඩායම් 10 අතරේ රැඳීමට වග බලාගෙන ඇත. 2014 වසරේ කනිෂ්ඨ ආසියානු වොලිබෝල් ශූරතාවලියේ දී ආසියාවේ පළමු කණ්ඩායම් 8 අතර රැඳුණු ශ්‍රී ලංකා කාන්තාවන් 2016 වසරේ ඉන්දියාවේ දී පැවති සාග් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් ගෙනවිත් දී ඇත.
පුහුණුව සහ පුහුණුකරුවන්
මාස 3කට ආසන්න කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පුහුණු සැසිවලට සහභාගී වූ කාන්තා 23න් පහළ කණ්ඩායම, එහි දී පුහුණු තරග 20කට පමණ සහභාගී වී ඇත. ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම සහ කාන්තා ක්‍රීඩා සමාජ කණ්ඩායම් ඔවුන් හා ඒ පුහුණු තරගවලට සහභාගී වෙමින් සිටියි. කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් මෙන්ම වත්මන් පුහුණුකරුවන් වන ජානක ඉන්ද්‍රජිත් මහතා සහ මොරිස් චන්දිමාල් ය.


කණ්ඩායමේ දක්ෂයින්
කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් 7 දෙනෙක්, 2014 කනිෂ්ඨ ආසියානු කාන්තා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානය ගෙන ඒමට දායක වූවන්ය. දෙදෙනෙකු 2016 සාග් ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ය. ඉන් කිහිප දෙනෙකු මෙසේ සවිස්තරාත්මකව හඳුනා ගනිමු.



උසපන්දු ප්‍රහාරිකාවන් 6 දෙනෙක්, කෙටි පන්දු ප්‍රහාරිකාවන් 3 දෙනෙක්, පන්දු සකසන්නියන් 2 දෙනෙක් සහ එක් ලිබරෝ ක්‍රීඩිකාවක් මෙවර කණ්ඩායමට ඇතුළත් වේ.
සංචිතය
තිලිණි වාසනා (නායිකා), තක්ෂිලා මධුරංගි (උ. නායිකා), සඳුනි දිනේෂිකා, අනුත්තරා සඳමාලි, විනෝදි කෞශල්‍යා, කවීෂා ලක්ෂානි, අනුරිෂා චතුනි, අමානි කෞශල්‍යා, රිද්මි සකුන්තලා, සචිනි චාරුකා, අප්සරා සෙව්මාලි, චමරි සංජුලා.
- ප්‍රධාන පුහුණුකරු – ජානක ඉන්ද්‍රජිත්
- සහාය පුහුණුකරු – මොරිස් චමින්ද
- කළමණාකරු – චන්දන විජේසිංහ
- කාන්තා නිලධාරී – රන්තිලකා ජයවීර
අවසන් වශයෙන්
මේ වන විට හොඳින් පුහුණුවීම්වල යෙදෙන 23න් පහළ කාන්තා කණ්ඩායමට පූර්ණ අනුග්‍රාහකයෙකු නොමැත. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පෝෂණීය ආහාර සහ නවාතැන් පහසුකම් ද, ක්‍රීඩාගාර පහසුකම් ද සපයා ඇති බව නම් සතුටට කරුණකි. ආසියානු මට්ටමට නැගී සිටින්නට නම් ඒ ධනාත්මක දෑ වර්ධනය කර ගන්නා අතරතුර සෘණාත්මක දෑ වලින් මිදීමට ද ඔවුන්ට අවස්ථාව සපයා දිය යුතු බව ද මෙහි දී සිහිපත් කිරීම වටියි.
කෙසේ වෙතත් ආසියාවේ පළමු කාන්තා කණ්ඩායම් 8 තුළට පැමිණීමේ අභිප්‍රායෙන් පුහුණුවන ශ්‍රී ලංකා 23න් පහළ වොලිබෝල් ලලනාවන්ට තම කාණ්ඩයේ පළමු දෙදෙනා අතරට පැමිණිය හැකි නම් එය පහසු වනු ඇත.
“ලොකු අභියෝගයක් තියෙනවා. නමුත් ඒක කරන්න බැරි නැහැ.” ප්‍රධාන පුහුණුකරු ජානක ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ විශ්වාසයෙනි.
ඊට ThePapare.com අපි, ශක්තිය සහ ධෛර්යය පතන්නේ අවංකවම ය. එළඹෙන මැයි 10 වැනිදා දිවයිනෙන් පිටත්ව යන 23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායමට ඔබේ සුබ පැතුම් පහතින් ප්‍රකාශ කළ හැකි අතරම තරග වාර්තා සඳහා ThePapare.com සමඟින් එක්වන්නට ද ඔබට ආරාධනා කරන්නෙමු.
තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට





















