ශ්‍රී ලංකා පොඩ්ඩන් පසුපසින් ගොස් ඉන්දියාව බියගන්වයි

2390

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවති තෙවන යොවුන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට අද (5) සමත් විය.

නිපුන් සහ පසිඳු ඉන්දීය යෞවනයෝ ග්‍රහණයට ගනිති

නායක නිපුන් දනංජය සහ පසිඳු සූරියබණ්ඩාර එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු සබඳතාව හේතුවෙන් අද (02) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා වූ ඉන්දු – ලංකා යොවුන් එක්දින…

තරගාවලිය 1-1ක් ලෙස සම වී තිබූ පසුබිමක දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක නිපුන් දනංජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

පළමුව පිටියට පැමිණි ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නවෝද් පරණවිතාන හා නිශාන් මධුෂ්ක ලකුණු 100 සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ අතර වමතින් පිත්ත හසුරුවන පරණවිතාන මේ තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත්තේය. පරණවිතාන හා මධුෂ්ක පිළිවෙළින් ලකුණු 51ක් හා ලකුණු 42ක් සිය ලකුණු ගිණුම්වලට එක්කර ගෙන ඉන්දීය පන්දු යවන්නන්ව දැඩි පීඩනයකට හසුකරන ලදි. කඩුලු රකින ක්‍රීඩක මධුෂ්ක 4 පහර 4ක් සමඟින් සිය ලකුණු සටහන වර්ණවත් කර ගැනීමට සමත් විය.

මොවුන් දෙදෙනා දැවී ගිය පසුව නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් වෙත එක් එක් කඩුල්ල වෙනුවෙන් දිගු සබඳතාවයන් වෙත යාමට නොහැකි වුවත් ඒ ඒ කඩුල්ල වෙනුවෙන් මැදපෙළ පිතිකරුවන් හා පසුපෙළ පිතිකරුවන් එක්ව සැලකිය යුතු අයුරින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කිරීමට හැකි උපරිම දායකත්වය සෑම පිතිකරුවෙක් පාහේම ලබා දෙන ලදි. එය ශ්‍රී ලංකාව ලබා ගත් මේ තීරණාත්මක තරග ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් විය.

කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම…

දෙවන තරගයේ දී ශතකයක් ලබාගෙන නායකත්වයේ පිතිකරණයක නිරත වූ නිපුන් දනංජය මේ තරගයේ දී ලකුණු 26කට දැවී ගියේය. ඔහුගේ ඉනිම 4 පහර දෙකකින් හැඩ ගැන්විය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ගොස් ලකුණු 219ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සිද්දාර්ත් දේසාය, අජේ ගවුඩ් හා යතින් මන්ග්වානි අතරේ කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 220ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පැමිණි ඉන්දීය යොවුන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ දකුණතින් පිත්ත හසුරුවන පවන් ශා වන අතර ඔහු 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 77ක් ලබාගෙන ඉන්දීය ඉනිමේ මෙන්ම මේ තරගයේ ද වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්විය. ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 94ක් පමණි. ඔහු මේ තරගයේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වුවත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට ඔහුගේ ඉනිමේ දායකත්වය එතරම් දුරකට සවියක් නොවූයේ ඔවුන්ගේ අනෙකුත් පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වීමයි.

පවන් ශා එක අන්තයක් සවිමත් කරගෙන ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණ වෙත රැගෙන යාමට උත්සාහ කළත් ඔහුට යම් තරමකින් හෝ යම් සහයක් ලබා දුන්නේ යශ් රතෝඩ් වන අතර ඔහු 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය. අවසානයේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 213ක් පමණි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු  දවා ගත් වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ශසික දුල්ෂාන් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – 219/10 (49.3): නවෝද් පරණවිතාන 51, නිශාන් මධුෂ්ක 42, නිපුන් දනංජය 26, සිද්දාර්ත් දේසායි 2/19.

ඉන්දීය 19න් පහළ කණ්ඩායම – 213/10 (49.3): පවන් ශා 77, යශ් රතෝඩ් 37, ශසික දුල්ෂාන් 3/37.

තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය අගෝස්තු මස 7 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වෙන අතර තරගය සජීවිව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<