එළඹෙන 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය විමත් දින්සර හට හිමි වී ඇති අතර, කණ්ඩායමේ උපනායකයා ලෙස කවිජ ගමගේ කටයුතු කරනු ඇති.
ශ්‍රී ලංකා සංචිතය;
- විමත් දින්සර (නායක)- කොළඹ රාජකීය විද්‍යාලය
- කවිජ ගමගේ (උපනායක)- මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය
- දිමන්ත මහවිතාන – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
- විරාන් චමුදිත – මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලය
- දුල්නිත් සිගේරා – කොළඹ මහානාම විද්‍යාලය
- චාමික හීනටිගල – කොළඹ මහානාම විද්‍යාලය
- ඇඩම් හිල්මි – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
- චමරිඳු නෙත්සර – මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලය
- සෙත්මික සෙනෙවිරත්න – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
- කූගදාස් මතුලන් – යාපනය සාන්ත ජෝන් විද්‍යාලය
- රසිත් නිම්සර – වත්තල ලයිසියම් විද්‍යාලය
- විග්නේෂ්වරන් ආකාශ් – කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
- ජීවහන් ශ්‍රීරාම් – කොළඹ වෙස්ලි විද්‍යාලය
- සෙනුජ වකුණුගොඩ – කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය
- මලින්ත සිල්වා – මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගන
නැමීබියාවේ සහ සිම්බාබ්වේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය මෙම මස 15 ආරම්භ වීමට නියමිත අතර, පෙබරවාරි මස 06 වැනි දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ සිය පළමු තරගයට එළඹෙන 17 වැනි දා සහභාගී වීමට නියමිත අතර, ජපානය ඔවුන්ගේ ප්‍රතිවාදීන් වනු ඇති.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















