
මුල්පෙළ පිතිකරුවන් පස් දෙනෙකු ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන්ම බිඳ දමා තිබිය දී සයවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත සබඳතාවයක් ගොඩ නැගීමට අද (30) ශෙහාන් ජයසූරිය සහ දසුන් ශානක සමත් විය.
ඒ පාකිස්තානුවන්ට එරෙහිව සයවැනි කඩුල්ල වෙනුවෙන් හොඳම සබඳතාවය ලෙස ලකුණු 177ක් රැස් කරමිනි. කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන්ගෙන් මොවුන්ට සහයක් හිමි නොවීම නිසා පාකිස්තානු පිළ අද දෙවැනි එක්දින තරගය ජය ගත්තේ ලකුණු 67කිනි.
ලොවක් බලා සිටින ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට පෙර
යං දෝ නොයං දෝ යැයි දෙගිඩියාවෙන් පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009…..
පිතිකරුවන් වෙනුවෙන්ම නිර්මාණය වූ තණතිල්ලක් අද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී දැකිය හැකි වූ අතර හොඳින් සූර්යාලෝකය පතිත වීම ද මුලින් පිතිකරණය තෝරා ගත් පාකිස්තානුවන්ගේ බලාපොරොත්තු ඉහළ දමන්නට හේතු විය. නමුත් මුල් කොටසේ දී දඟපන්දු යවන්නන් ඉදිරියේ යම් චකිතයක් පෙන්නුම් කිරීම නිසා පළමු පවර්ප්ලේ පන්දුවාර 10 තුල දී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 47ක් පමණි.
කෙසේ නමුත් ප්‍රතිවාදීන් ඉතාමත් පරීක්ෂාකාරීව පිත්ත හැසිරවීම නිසා ශ්‍රී ලංකා පිළට පළමු කඩුල්ල බිඳ දැමීමට හැකි වන්නේ 15 වැනි පන්දුවාරයේ දීයි. ඒ ලකුණු 31ක් ලබා සිටි ඉමාම් උල්-හක් කඩුල්ල මුවා කළ බවට කළ වනිඳු හසරංග කළ ඉල්ලීම විනිසුරු නිශ්ප්‍රභ කළ ද DRS අවස්ථාවේ පිහිටෙන් එම තීරණය ආපහු හැරවීමට ශ්‍රී ලංකා පිළට හැකිවූ නිසාවෙනි.
දෙවැනි කඩුල්ලේ සබඳතාවය එතරම් දීර්ඝ නොවූ අතර එහි දී තම 12 වැනි අර්ධ ශතකය ලබා සිටි ෆකාර් සමාන් දැවී ගියේ ඉසුරු උදානගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේයි. එම කඩුල්ල ද වනිඳුට අයත් විය.
ප්‍රවීණ ක්‍රිකට් කළමනාකරුවෙකු අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරවරයෙකු වන මයිකල් ද…..
ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ශතක සබඳතාවය බිඳ වැටෙන්නේ 40 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ නුවන් ප්‍රදීප් සහ සදීර සමරවික්‍රම දුවද්දී දැවී යාමක් උපදවා ගැනීමට සමත් වීමත් සමඟයි. ඒ අනුව ලකුණු 40ක් ලබා සිටි හැරිස් සොහෙල් පිටියෙන් ඉවත් වන විට පාකිස්තානු ඉනිම ලකුණු 215ට කඩුලු 3ක් ලෙස සටහන් විය.
ඉන් අනතුරුව පිටියට පිවිසි නායක සෆ්රාස්ට වැඩි වේලාවක් පිත්ත හැසිරවීමට ඉඩක් නොලැබුණු අතර ඔහු නොතිබූ ලකුණක් කරා දුව යාමේ දී වැඩ බලන නායක තිරිමාන්න පන්දුව කෙළින්ම කඩුල්ලට යොමු කිරීම නිසා ලකුණු 8කට දැවී යාමට සිදු විය.
මේ අනුව අවසන් පන්දුවාර 10 තුල දී ඉතිරිව තිබූ කඩුලු රාශිය ප්‍රයෝජනයට ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම පාකිස්තානයේ බලාපොරොත්තුව වුවද නිරන්තරයෙන් කඩුලු බිඳ වැටීම ඔවුන්ට ගැටලුවක් බවට පත්විය.
කෙසේ වෙතත් අද තම 11 වැනි ශතකය ලෙස හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 115ක් ලබා ගත් බාබර් අසාම්ගේ වෑයම නිසා ලකුණු 306ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිළට ලබා දීමට පාකිස්තානු පිළට හැකි විය. අවසානයේ වනිඳු හසරංග තම දෙවැනි වෑයමේ දී රැක ගත් උඩපන්දුව නිසා බාබර්ගේ කඩුල්ල හිමි වූයේ ලහිරු කුමාරටයි.
“ආරක්ෂාවට වඩා ක්‍රිකට් ගැන ලොකු අවධානයක් දෙනවා” – තිරිමාන්න
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර…….
පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙලද්දී ඉසුරු උදාන සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. ඉතිරි කඩුලු 3ම දුවද්දී දැවී යාම් ලෙස සටහන් විය. පාකිස්තානු ඉනිම අතරේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදු වූ දුර්වලතා ද අවසන් තීරණාත්මක පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කිරීමට තරම් පරිණත පන්දු යවන්නන් කණ්ඩායමේ නොමැති වීම නිසා ද ප්‍රතිවාදීන්ට අමතර ලකුණු 30ක් පමණ එකතු වූ බව ද මෙහි දී සඳහන් කළ යුතුය.
සීමිත ප්‍රමාණයක ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම ඉලක්කය හඹා යාමේ දී දැඩි ලෙස පසුබෑමට ලක්වෙනු දැකගන්නට ලැබුණු අතර මුළු ලකුණු 28ක් වෙද්දී කඩුලු 5ක්ම ඔවුන්ට අහිමි විය.
දැවී ගිය ක්‍රීඩකයින් අතරින් අවිශ්ක ප්‍රනාන්දු සහ නායක තිරිමාන්න ලකුණු 0ට දැවී යද්දී අනෙක් පිතිකරුවන් ද පාකිස්තානු පන්දු යැවීම හමුවේ අන්ත අසරණ වනු දැකගන්නට ලැබුණි. පාකිස්තානු ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් කුල්මත් කළ උස්මාන් ශින්වාරි ඉන් කඩුලු 3කටම හිමිකම් කීවේය.
ජයග්‍රහණය පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ වැටුණු මේ මොහොතේ පිටියේ එක්වුණු ශෙහාන් ජයසූරිය සහ දසුන් ශානක කිසිවෙකු නොසිතූ පරිද්දෙන් පාකිස්තානු පන්දු බල ඇණියට එරෙහිව දැවැන්ත ප්‍රතිරෝධයක් ගොඩ නගන්නේ තරගය පිළිබඳ අවධානයෙන් සිටි සියලු දෙනා විමතියට පත් කරමිනි. මෙම සබඳතාවය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නේ අර්ධ ශතකය, ශතකය මෙන්ම ලකුණු 150 සීමාව ද පසු කරමිනි.
අතපත්තුගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ්‍රී ලංකාව පල්ලමට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම……
එහි දී මෙම පිතිකරුවන් දෙදෙනාම ජාත්‍යන්තර එක්දින තරග වල පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යා වාර්තා කර ගැනීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම සුපිරි සබඳතාවය ලකුණු 177ක් බවට පත් වෙද්දී නැවතත් ක්‍රියාත්මක වූ උස්මාන් ශින්වාරි, ශෙහාන් ජයසූරියගේ කඩුල්ල දවා ගනිමින් තම කණ්ඩායමෙන් ගිලිහී යමින් තිබූ ග්‍රහණය රැක දීමට සමත් විය. එහි දී ශෙහාන් ලකුණු 96කට දැවී ගියේ තම මංගල එක්දින ශතකය පෙනෙන මානයේ දීයි. ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.
මෙම දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම නැවතත් ඉක්මන් කඩා වැටීමකට ලක්වූ අතර දසුන් ශානකගේ ඉනිම ද ලකුණු 68කට අවසන් කිරීමට ශින්වාරිට හැකි විය. ඒ තම දෙවැනි කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථාව ලෙසයි. ඉසුරු උදාන, වනිඳු හසරංග වැනි පිතිකරණ හැකියාවක් සහිත පිතිකරුවන්ට ද අද එතරම් සාර්ථක වීමට හැකි වූයේ නැත. එබැවින් ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ ලකුණු 238කටයි.
සංගීත්ගේ ගිනිකෙළියෙන් බංගලියෝ අසරණ වෙති
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර….
ඒ අනුව සත්කාරක පාකිස්තානු කණ්ඩායමට ලකුණු 67ක ජයක් සමඟින් වසර 10කට පසුව තම රටට උදා වූ ක්‍රිකට් වසන්තය සැමරීමට හැකි විය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ පිතිකරුවන්ට උචිත තණතිල්ලක දී වටිනාම කඩුලු 5ක් දවා ගත් වමත් වේගපන්දු යවන ක්‍රීඩක උස්මාන් ශින්වාරිටයි.
තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා පිළ අනිවාර්යයෙන්ම ජය ගත යුතු තෙවැනි සහ අවසන් එක්දින තරගය ඔක්තෝබර් දෙවැනිදා මෙම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතව ඇත.
Result
Batsmen
R
B
4s
6s
SR
Fakhar Zaman
c Isuru Udana b Wanindu Hasaranga
54
65
6
1
83.08
Imam-ul-Haq
lbw b Wanindu Hasaranga
31
41
1
0
75.61
Babar Azam
c Wanindu Hasaranga b Lahiru Kumara
115
105
8
4
109.52
Haris Sohail
run out (Sadeera Samarawickrama)
40
48
1
0
83.33
Sarfaraz Ahmed
run out (Lahiru Thirimanne)
8
12
0
0
66.67
Iftikhar Ahmed
not out
32
20
2
2
160.00
Imad Wasim
c Oshada Fernando b Isuru Udana
12
8
2
0
150.00
Wahab Riaz
run out (Wanindu Hasaranga)
2
2
0
0
100.00
Extras
11 (b 0 , lb 8 , nb 1, w 2, pen 0)
Total
305/7 (50 Overs, RR: 6.1)
Fall of Wickets
1-73 (14.4) Imam-ul-Haq, 2-104 (20.5) Fakhar Zaman, 3-215 (39.2) Haris Sohail, 4-242 (43.6) Sarfaraz Ahmed, 5-261 (45.5) Babar Azam, 6-278 (48.3) Imad Wasim,
Bowling
O
M
R
W
Econ
Shehan Jayasuriya
10
1
48
0
4.80
Nuwan Pradeep
9
0
59
0
6.56
Isuru Udana
9
0
60
1
6.67
Lahiru Kumara
10
0
59
1
5.90
Danushka Gunathilaka
2
0
8
0
4.00
Wanindu Hasaranga
10
0
63
2
6.30
Batsmen
R
B
4s
6s
SR
Danushka Gunathilaka
c Imad Wasim b Mohammad Amir
14
19
2
0
73.68
Sadeera Samarawickrama
b Usman Khan
6
14
1
0
42.86
Avishka Fernando
c Fakhar Zaman b Usman Khan
0
7
0
0
0.00
Oshada Fernando
lbw b Imad Wasim
1
14
0
0
7.14
Lahiru Thirimanne
c Sarfaraz Ahmed b Usman Khan
0
3
0
0
0.00
Shehan Jayasuriya
c Sarfaraz Ahmed b Usman Khan
96
109
7
1
88.07
Dasun Shanaka
c Fakhar Zaman b Shadab Khan
68
80
6
2
85.00
Wanindu Hasaranga
c Iftikhar Ahmed b Shadab Khan
30
23
1
2
130.43
Isuru Udana
c Sarfaraz Ahmed b Usman Khan
1
4
0
0
25.00
Lahiru Kumara
lbw b Wahab Riaz
1
8
0
0
12.50
Nuwan Pradeep
not out
0
0
0
0
0.00
Extras
21 (b 1 , lb 15 , nb 0, w 5, pen 0)
Total
238/10 (46.5 Overs, RR: 5.08)
Fall of Wickets
1-18 (3.6) Sadeera Samarawickrama, 2-22 (6.1) Danushka Gunathilaka, 3-22 (7.3) Avishka Fernando, 4-22 (7.6) Lahiru Thirimanne, 5-28 (10.1) Oshada Fernando, 6-205 (40.5) Shehan Jayasuriya, 7-205 (41.1) Dasun Shanaka, 8-211 (42.5) Isuru Udana, 9-232 (45.6) Lahiru Kumara, 10-238 (46.5) Wanindu Hasaranga,
Bowling
O
M
R
W
Econ
Mohammad Amir
7
1
21
1
3.00
Usman Khan
10
1
51
5
5.10
Imad Wasim
7
1
38
1
5.43
Wahab Riaz
9
0
27
1
3.00
Shadab Khan
9.5
0
76
2
8.00
Iftikhar Ahmed
4
1
9
0
2.25
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















