2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුව පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත, ඉතිහාසගත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනු ඇත. එම තරගය රාවල්පිණ්ඩි හිදී පැවැත්වේ. මේ එම තරගයේ පෙර විමසුමයි.
SAG පිටියේ ක්‍රිකට් බලාපොරොත්තු රිදියෙන් නිමවෙයි!
ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබූ තවත් SAG රන් බලාපොරොත්තුවක් ………
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව නිමා කර ගැනීමෙන් අනතුරුව මෙම තරගාවලියට අවතීර්ණ වන අතර, පාකිස්තානය ඕස්ට්‍රේලියාව හමුවේ 2-0ක් ලෙස පරාජය වීමට පසුව ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් දෙක අවතීර්ණ වේ.
මුහුණට මුහුණ
වර්ෂ 1982 සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 53කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 19ක ජය පාකිස්තානු කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 16ක් පමණි. තවද එයින් තවත් තරග 18ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දැනට ටෙස්ට් තරගාවලි 21ක් පවත්වා ඇති අතර එයින් තරගාවලි 9ක ජය පාකිස්තානුවන් සතු වන විට, ශ්‍රී ලංකාව තරගාවලි 7ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත. තවද තවත් තරගාවලි 5ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය පාකිස්තානයේ දී ටෙස්ට් තරග 21කට සහභාගි වී ඇති අතර ඉන් තරග 7ක් ජය පරාජයෙන් තොරව අවසන් වන විට, පාකිස්තානය තරග අටක් හා ශ්‍රී ලංකාව තරග හයක් ජයග්‍රහණය කර ඇත.
අවසන් වරට 2017 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වූ ටෙස්ට් තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවයි. එසේම මේ සංචිත දෙක තුල සිටින ක්‍රීඩකයින් රැසක් පාකිස්තානය තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැති නිසා ඔවුන්ට ද මෙය නවමු ආකාරයක අත්දැකීමක් වනු ඇත.
දෙපිලේම ප්‍රහාරත්මක තරු
දිමුත් කරුණාරත්න

ඔහු පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් තරග 8ක ඉනිම් 16ක දී ලකුණු 822ක් ලබාගෙන ඇත්තේ ලකුණු 49.81ක හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඊට අමතරව ඔහු ශතක දෙකක් හා අර්ධ ශතක 4ක් පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ලබාගෙන ඇත. ඒ අතරට 4 පහර 83ක් සහ 6 පහර දෙකක් ඇතුළත් වේ. ඔහුගේ එක් ඉනිමක ප්‍රතිවාදී පාකිස්තානුවන්ට එරෙහිව ලබාගෙන ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 130කි.
බාබර් අසාම්

දකුණතින් පිතිකරණයේ නිරත වන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එතරම් ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර නොමැත. ජාත්‍යන්තර ටෙස්ට් තරග 23ක දී ඉනිම් 44ක් තුළ ලකුණු 1445ක් රැස්කර ගෙන ඇති අසාම්ගේ එම ලකුණු අතරට ශතක දෙකක් හා අර්ධ ශතක 12ක් ඇතුළත්. ඔහු එක් ඉනිමක දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 37.05ක් වැනි ඉහළ අගයක ඇත.
ඇන්ජලෝ මැතිව්ස්

මැතිව්ස් පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගයක දී එක් ඉනිමක් තුළ ලබාගෙන ඇති උපරිම ලකුණු සංඛ්‍යාව ලකුණු 157*කි.
අසාර් අලී

එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 2719ක් ලබාගෙන ඇති අලී ශතක හා ශතක 5ක් කට හිමිකම් කියයි. එම නිසා යම් හෙයකින් අලී අර්ධ ශතකයක් ලබා ගතහොත් ශතකයක් වෙත පහසුවෙන්ම යාමට වැඩි ඉඩකඩක් ඇති පිතිකරුවෙකි. ශ්‍රී ලංකාවට එරෙහිව ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 48.16ක් වැනි හොඳ මට්ටමක තිබේ.
ප්‍රබල පන්දු යවන්නන්
දිල්රුවන් පෙරේරා

දිල්රුවන් පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ඉනිම් 11ක් සඳහා ක්‍රීඩා කරමින් ලකුණු 846ක් තුළ කඩුලු 26ක් දවා ගැනීමට සමත්ව ඇත. ඒ අතරට එක් ඉනිමක් තුළ දවා ගත් කඩුලු 5 අවස්ථාවන් 2කට හිමිකම් කියන පෙරේරා එක් පන්දු වාරයකට දල වශයෙන් 3.41ක ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් හොඳ මට්ටමක පසුවෙමින් පන්දු යවනු ලබයි. ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය දල වශයෙන් ලකුණු 33කට ආසන්නය.
යසීර් ෂා

ලහිරු කුමාර

ටෙස්ට් ඉනිම 29ක දී ලකුණු 2005ක් ලබා දී කඩුලු 53ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇත. කුමාර විසින් එක් ඉනිමක් තුළ යැවූ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 122කට කඩුලු 6ක් දවා ගැනීම ක්‍රිකට් වාර්තා පොතේ සටහන්ව තිබේ.
මොහොමඩ් අබ්බාස්

එහි දී ඔහු විසින් දල වශයෙන් එක් පන්දු වාරයකට ලකුණු 2.67ක පමණ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ටෙස්ට් තරග 15ක් සඳහා ක්‍රීඩා කළ ඇති අබ්බාස් එහි දී කඩුලු 6ක් දවාගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘතයකට පාකිස්තානයෙන් ගෞරවනීය ඇරයුමක්
වසර 11කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් රැගෙන ………
රාවල්පිණ්ඩි තණතීරුව, පිටිය හා කාලගුණය (පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11 සිට 15 දක්වා)
ප්‍රේක්ෂකයින් 28,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ 2004 අප්‍රේල් 16 වැනිදාට පසුව ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ පළමු වරටයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මේ ක්‍රීඩා පිටියේ එක් ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කර තිබෙන අතර 2000 වසරේ දී පැවති එම තරගය ශ්‍රී ලංකාව ඉතාමත් විශිෂ්ට ලෙස ජයගෙන ඇත.
එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ. පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කළ විට ටෙස්ට් ක්‍රිකට් තරගයකට ඉතාමත් උචිත කාලගුණයක් බලාපොරොත්තු වීමට හැකිය. තවද 16°C – 25°C පමණ උෂ්ණත්වයක් රාවල්පිණ්ඩි අවට ප්‍රදේශය තුල අපේක්ෂා කිරීමට හැකිය.
වර්තමාන තත්ත්වය
පාකිස්තානු කණ්ඩායමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර පාකිස්තානුවන් දැනට (දෙසැම්බර් 10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ පසුවෙයි.
ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 2410ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 80ක් හිමි කර ගෙනයි. 6 වැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 3795ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 95ක් ලබා ගෙනයි.
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ මහ මොළකරු ‘ඇතර්ස්’
1995 වසරේ දෙසැම්බර් හතර වැනිදා ජොහැන්ස්බර්ග් ………..
අවසන් නිගමනය
පාකිස්තානය තුල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා මෙන්ම පාකිස්තාන ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කර නොමැති නිසා කණ්ඩායම් දෙකට මෙය නවමු අත්දැකීමක් වනු නිසැකය.
එසේම දෙපිලේ බොහෝමයක් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පාකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය.
ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත.
පාකිස්තාන සංචිතය – අසාර් අලී (නායක), අබිඩ් අලී, අසාද් ෂෆීක්, බාබර් අසාම්, ෆවාඩ් අලාම්,හැරිස් සොහේල්, ඉමාම් උල් හක්, ඉම්රාන් ඛාන්, කශිෆ් බහට්ටි, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), නසීම් ශා, ශහීන් අෆ්රිඩි, ශාන් මසූඩ්, යසීර් ශා, උස්මාන් ශීන්වාරි.
පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත ටෙස්ට් කණ්ඩායම්,
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත.
පාකිස්තානය – ශාන් මසූඩ්, ඉමාම් උල් හක්, අසාර් අලී (නායක), බාබර් අසාම්, අසාද් ෂෆීක්, ෆවාඩ් අලාම්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), යසීර් ශා, ශහීන් ශා අෆ්රිඩි, නසීම් ශා, මොහොමඩ් අබ්බාස්
තරග කාලසටහන
- පළමු ටෙස්ට් තරගය – දෙසැම්බර් 11 සිට 15 දක්වා – රාවල්පිණ්ඩි ක්‍රිකට් පිටිය, රාවල්පිණ්ඩි
- දෙවන ටෙස්ට් තරගය – දෙසැම්බර් 19 සිට 23 දක්වා – ජාතික ක්‍රීඩාංගණය – කරච්චි
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















