ඊයේ (15) දිනයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (16) දෙවන දිනය සඳහාත් ක්‍රියාත්මක වූ අතර තරගයේ දෙවන දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී ලකුණු 311ක් ලබා සිටින අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටින ටොම් ලේතම් හා රොස් ටේලර් නොදැවී පිළිවෙළින් ලකුණු 121*ක් හා ලකුණු 50*ක් ලබාගෙන සිටින ලදි.
මැතිව්ස් හා දිමුත්ගේ මෙහෙයුමට දික්වැල්ලගෙන් තල්ලුවක්
ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (15) ආරම්භ විය….
දෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට නවසීලන්ත ආරාධනය පරිදි පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබාගෙන සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 73*ක් ලබාගෙන සිටියේය. දෙවන දිනයේ ක්‍රියාත්මක වූ පළමු පන්දුවාර 3 තුල ශ්‍රී ලංකා ඉනිමට තිත තැබීමට දකුණතින් මඳ වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුතී සමත් වූයේ පන්දු 7කට මුහුණ දී සිටි ලහිරු කුමාර පිටියෙන් ඉවත් කරමිනි.
ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කරමින් දක්ෂ ලෙස පන්දු යැවූ සවුතී ලකුණු 68කට කඩුලු 6ක් දවා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙක්ම දැඩි පීඩනයකට හසුකරමින් වන අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ තනි වූ දික්වැල්ලගේ ඉනිම ලකුණු 80*කට සීමා වූයේ මේ වතාවේදීත් ශතකයක් වෙත යාමට තිබූ මඟ අවහිර කරමිනි. කෙසේ නමුත් කලකට පසුව සිය සුපුරුදු රිද්මය නැවතත් සොයාගත් දික්වැල්ල පන්දු 101කට මුහුණ දෙමින් 4 පහර 11ක් සමඟ එම ලකුණු 80* රැස්කරගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කරගත් ලකුණු 282ට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි නවසීලන්ත ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 59කට සීමා කිරීමට වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සමත් විය. පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ජීට් රාවල් 4 පහර 6ක් සමඟින් ලකුණු 43ක් රැස්කර ගන්නා ලදි. පළමු කඩුල්ලේ සබඳතාවය එසේ නිමා වුවත් දෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ටොම් ලේතම් හා නායක කේන් විලියම්සන් ඔවුන්ගේ සුපුරුදු තණතීරුව මත සිය ආධිපත්‍ය පැතිර වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කබලෙන් ලිපට ඇද දමමිනි.
ආසියාවේ නැගීඑන ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට
ආසියානු රටවල නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින…
මේ තරගයේ වාතාවරණය එසේ තිබිය දී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් පිටියට පැමිණ මතු වූ ආබාධ නිසා පන්දු යැවීම තාවකාලිකව නවතා දැමූ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල නැවත වතාවක් පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කරනු දැකීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ලෙස අපට සතුටු විය හැකි කරුණකි. එසේ මැතිව්ස් ටෙස්ට් පිටිය තුල නැවතත් පන්දු යවන්නෙක් ලෙස පන්දුව අතට ගත්තේ 2017 ජනවාරි මාසයට පසුව වීම සුවිශේෂී වේ.
ලේතම් හා විලියම්සන් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 162ක සාර්ථක සබඳතාවයක් සෙමින් සීරුවේ ගොඩනංවන්නට වූයේ තරගයේ වැඩි වාසිය සත්කාරක නවසීලන්තය දෙසට හරවාලමිනි. පාකිස්තානය හා නවසීලන්තය අතර පැවති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී ද ඉනිම් දෙකේ දී අර්ධ ශතකයක් හා ශතකයක් රැස්කරගත් දකුණතින් පිත්ත හසුරුවන විලියම්සන් මේ තරගයේ පළමු ඉනිමේ දී සිය ශතකයට ලකුණු 9ක් මෙපිටින් සිටිය දී ධනංජය ද සිල්වාගේ පන්දුවකට දැවී යන ලදි. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 29 වන අර්ධ ශතකය සපුරාගත් විලියම්සන් ලබාගත් ලකුණු 91 ඉනිමට මනරම් 4 පහර 10ක් අන්තර්ගත විය.
නවසීලන්ත ඉනිමේ දෙවන කඩුල්ල ලෙස විලියම්සන් දැවී ගිය පසුව පිටියට පැමිණි රොස් ටේලර්, ලේතම් හා එක්වෙමින් තවදුරටත් නවසීලන්ත පළමු ඉනිම ස්ථාවර කළේ ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබාගත් ලකුණු 282 සීමාව පහසුවෙන්ම තරණය කරමිනි.
සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගත් වමතින් පිත්ත හසුරුවන ලේතම් 4 පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 121*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි. එසේම ඔහුට සහාය වෙමින් අනෙක් අන්තයේ ක්‍රීඩා කරන ටේලර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 30වන අර්ධ ශතකය ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ තෙවන කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 90* සබඳතාවයක් සටහන් කරගෙනයි.
තරගයේ දෙවන දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 311ක් ලබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 29ක් ඉදිරියෙන් සිටිමිනි. පන්දු යැවීමේ දී ලහිරු කුමාර හා ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යන ලදි.
ශ්‍රී ලංකා පළමු ඉනිම – 282 (90): ඇන්ජලෝ මැතිව්ස් 83, නිරෝෂන් දික්වැල්ල 80*, දිමුත් කරුණාරත්න 79, ටීම් සවුති 6/68, නීල් වැග්නර් 2/75.
නවසීලන්ත පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 311/2 (84): ටොම් ලේතම් 121*, කෙන් විලියම්සන් 91, රොස් ටේලර් 50* ජීට් රාවල් 43, ලහිරු කුමාර 1/79, ධනංජය ද සිල්වා 1/30
තරගය හෙට (17) තෙවැනි දිනය වෙනුවෙන් පැවැත්වෙන අතර එම තරගයේ තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















