බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සංචිතය සඳහා සිය මංගල ජාතික සංචිත කැඳවීම් ලද ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ මෙන්ම දේශීය ක්‍රිකට් තරගවල දී ද කැපී පෙනෙන පිතිකරණ දක්ෂතා දක්වමින් සිටි පවන් රත්නායක සහ පසිඳු සූරියබණ්ඩාර යුගලය මෙම සංචිතය වෙත කැඳවීම් ලබා ඇති අතර, දඟ පන්දුව ශක්තිමත් කිරීම වෙනුවෙන් තරිඳු රත්නායක ද සංචිතයට මංගල කැඳවීම් ලබා තිබෙනවා.
එමෙන්ම අකිල ධනංජය ද වසර හයකට පසුව ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර, වේග පන්දු යවන්නන් අතරේ ඉසිත විජේසුන්දර සහ කසුන් රාජිත සංචිතයට කැඳවා තිබෙනවා.
ඔවුන් විසින් දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාර යන ක්‍රීඩක හිස් තැන් පුරවනු ඇති. ලහිරු කුමාර පළමු කොට මෙම සංචිතයට ඇතුළත් කර තිබුනත් පසුව පුහුණු වීම් අතරතුර ඇති වූ ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා සංචිතය;
පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූශ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ඉසිත විජේසුන්දර
දෙරට අතර පළමු ටෙස්ට් තරගය හෙට (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<