සිම්බාබ්වේ සමඟ ගැටීමට වෙනස්කම් රැසක් සහිත ශ්‍රී ලංකා T20 සංචිතයක්

Sri Lanka Tour Of Zimbabwe 2025

103
Sri Lanka Tour Of Zimbabwe 2025

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට පෙර පැවැත්වුණු බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතය සමඟ සැසඳූ කළ මෙවර සංචිතයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් ම සිදු වී ඇති අතර, බංග්ලාදේශ තරගාවලිය අතර තුර ආබාධයකට ලක් වූ වනිඳු හසරංග මෙන්ම, එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ මෙන්ම එශාන් මාලිංග යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත් වී නැහැ.

ඔවුන් වෙනුවට දේශීය ක්‍රීඩා පිටියේ දස්කම් දක්වමින් සිටින යොවුන් ක්‍රීඩකයින් ලෙස ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස විශේෂ අවධානයක් දිනා ගත් විශේන් හැළඹගේ මෙන්ම කමිල් මිශාර ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම කලක සිට කණ්ඩායමේ ඉඩක් වෙනුවෙන් දස්කම් දක්වමින් සිටි නුවනිඳු ප්‍රනාන්දු, මෙන්ම දුශාන් හේමන්ත ද මෙවර සංචිතයට ඇතුළත්.

එමෙන්ම මාස 19ක කාලයකට පසුව දුශ්මන්ත චමීර ද ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය සමඟ එක් වීමට සමත් වී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතය:

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කමිල් මිශාර, විශේන් හැළඹගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, නුවන් තුශාර, මතීෂ පතිරණ

මෙම තරගාවලියට අදාළ තරග ත්‍රිත්වය සිම්බාබ්වේ හරාරේ හිදි සැප්තැම්බර් මස 03, 06 සහ 07 යන දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ සියලු සජීවී තරග දසුන් ThePapare 1, ThePapare 1 HD (Dialog නාලිකා අංක 62 සහ 126) මෙන්ම Dialog Viu App එක හරහා ද නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වනු ඇති.

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<