ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි

Australia U19 Women's Tour Of Sri Lanka  2025

25
Australia U19 Women's Tour Of Sri Lanka  2025

ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම මාසයේ අග බාගයේ දී ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, එහි දී ඔවුන් විස්සයි විස්ස තරග 05ක් සහ එක් එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම විස්සයි විස්ස තරගය සැප්තැම්බර් 20 සිට 28 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, එක්දින තරගය සැප්තැම්බර් 30 පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මනුදි නානායක්කාර හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය:

  • මනුදි නානායක්කාර – නායිකා – මොරටුව වේලස් කුමරි විද්‍යාලය
  • සංජානා කාවින්දි – රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  • විමෝක්ෂා බාලසූරිය – ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය විද්‍යාලය
  • හිරුණි හංසිකා – රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  • නෙතඟි ඉසුරාංජලී – රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  • රශ්මිකා සෙව්වන්දි – උප නායිකා – මාතර අනුර විද්‍යාලය
  • සශිනි ගිම්හානි – රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  • අසේනි තලගුණේ – මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය
  • ප්‍රමුදි මෙත්සරා – අම්පාර උහන මධ්‍ය විද්‍යාලය
  • දනෝද්‍යා සෙව්මිණී – ආනමඩුව මධ්‍ය විද්‍යාලය
  • චමුදි ප්‍රබෝධා – මොනරාගල පඥ්ඥානන්ද විද්‍යාලය
  • ලිමංසා තිලකරත්න
  • රශ්මි නේත්‍රාංජලී – රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  • රිස්මි සංජනා – මාතර අනුර විද්‍යාලය
  • මිතලි අයෝධ්‍යා – කන්තලේ රජ ඇල මධ්‍ය විද්‍යාලය

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<