කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
මාලිංග සමාව ගනි

ත්‍රිපුද්ගල කමිටුවක් හරහා ලබා දුන් මෙම තීරණයට අනුව අදාළ මාස 6ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම කඩවන අයුරින් කටයුතු කළහොත් මාලිංගට එරෙහිව වසරක තරග තහනමක් පැනවීමට පියවර ගනු ඇත.
සම්පූර්ණ වාර්තාව: මාලිංගට මාස 6ක අත්හිටවූ දඬුවමක්
ශ්‍රී ලංකා සංචිතය නිකුත් වේ

පළමු එක්දින ජාත්‍යන්තර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචිතය අද (27) ගාල්ල බලා පිටත්ව යන ලදි.
“අපි සංචිතය තෝරා ගැනීමේ දී කාලගුණික තත්ත්වය හා තණතීරුවේ ස්වභාවය සලකා බැලුවා. මෙම සංචිතයට අපි පිතිකරුවන් 6 දෙනෙක් හා දක්ෂතාවය සහිත තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනකු නම් කළා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
සම්පූර්ණ සංචිතය: සංචිතයට ඇමති අනුමැතිය; චන්දිමාල්, තිසර ඉවතට





















