කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ගුවන් හමුදාව 01 – 02 කොළඹ පාපන්දු සමාජය
ගුවන් හමුදා ක්‍රීඩකයින්ව පරාජය කරමින් කොළඹ පාපන්දු සමාජය ඊයේ (17) ජයග්‍රහණය අත්පත් කරගත්තේ පරාජිත පිලට වඩා එක් ගෝලයක් වාර්තා කරමිනි. ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ තෙවැනි සතියේ අවසන් තරගය වූ මෙය පැවැතියේ කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදීයි.
ප්‍රථම අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 1 – 2 කොළඹ පාපන්දු සමාජය
අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 1 – 2 කොළඹ පාපන්දු සමාජය
ThePapare.com තරගයේ වීරයා: සර්වාන් ජොහාර් (කොළඹ පාපන්දු සමාජය)
සවිස්තර වාර්තාව: කොළඹ ක්‍රීඩකයෝ ගුවන් බලය පරාජය කරයි
ශූරතාවය දේවපතිරාජයට

අනුලා විද්‍යාලය : 109/5 පන්දුවාර 30 (ජනාදි අනාලි නොදැවී 40, අමාෂා දිල්ෂානි 27, ටෙලිශියා චතුරංගි 2/18)
දේවපතිරාජ විද්‍යාලය: 110/2 පන්දුවාර 18.2 (කාවින්දි පාරමී 27, කවීෂා දිල්හාරි නොදැවී 23, ඉරේෂා චතුරාණි නොදැවී 18,නිලක්ෂනා සඳමිනි 14, හෂිනි ලියනගේ 1/14)
සවිස්තර වාර්තාව: මෙවරත් ශූරතාවය දේවපතිරාජ විදුහලට
සුපුන්ගෙන් කඩුලු 6ක්
දක්ෂයින් අතර අතිදක්ෂියින් සොයා යන සිංගර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයකම අවසන් දිනය අද ක්‍රියාත්මක විය. එහිදී සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 9ක ජයග්‍රහණයක් ලබාගෙන පූර්ණ ජයග්‍රහණයක් ලබා ගන්නා විට, රාජකීය විද්‍යාලය, සාන්ත මරියා විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.
සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 78): අශේන් සේනාධීර 75, සජීව රංජිත් 43, සුජිත් කුමාර 38, ප්‍රශේන් ප්‍රනාන්දු 3/43, ලසිත් පෙරේරා 2/06
සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 63): විනුජ රණසිංහ 36, ටශික පෙරේරා 33, නිමේෂ් බණ්ඩාර 30, ගිහාන් සේනානායක 24, ලසිත උඩගේ 6/72
සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 97 (පන්දුවාර 46.2): ගජිත කොටුවේගොඩ 38, සදරු ශ්‍රියන්ත 21, විනුජ රණසිංහ 7/32, නුවනිදු ප්‍රනාන්දු 3/38
සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 34 (පන්දුවාර 3): නුවනිදු ප්‍රනාන්දු 24*
රාජකීය විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 300 dec (පන්දුවාර 88): කවිදු මදරසිංහ 111, තෙවිදු සේනාරත්න 53, ලකිදු නානායක්කාර 37, පසිදු සූරියබණ්ඩාර 21, කවිශ ජයතිලක 4/70
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 61.4): මහීෂ තීක්ෂණ 77, ශෙහාන් ප්‍රනාන්දු 18, අභිෂේක් පෙරේරා 5/35, හිමේශ් රාමනායක 2/20, මනුල පෙරේරා 2/57
රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 198 (පන්දුවාර 38): තෙවිදු සේනාරත්න 70, හිමේශ් රාමනායක 53*, දුලන්ත ලෙවිස් 3/60
සවිස්තර වාර්තාව: සාන්ත සර්වේසස් විද්‍යාලයට කඩුලු 9ක ජයක්
අයනගෙන් ශතකයක්

කොළඹ ඉසිපතන විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 329 (පන්දුවාර 77): අයන සිරිවර්ධන 134, කලණ පෙරේරා 42, ලෙශාන් අමරසිංහ 68*, ඉසුරු ප්‍රබෝධ 2/46, නිපුන කුමාරසිරි 2/59.
හලාවත මාරිස්ටෙලා විද්‍යාලය – සියල්ලන්ම දැවී 255 (පන්දුවාර 67.1): අශාන් ප්‍රනාන්දු 91, සචිඳු කොළඹගේ 82, චරණ නානායක්කාර 3/48, නවීන් ගුණවර්ධන 3/80, කුසල් ආදිත්‍ය 3/37.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 57 (පන්දුවාර 17.5): ඉමේෂ් විරංග 32, පසිඳු උශෙට්ටි 2/04.
සවිස්තර වාර්තාව: අයනගේ ශතකය නිසා ඉසිපතනය පෙරමුණ ගනියි























