කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සත්කාරක ක්‍රීඩකයින් ආනන්ද විදුහල පරාජය කරයි

සම්පූර්ණ වාර්තාව: ආනන්ද විදුහල හමුවේ ජයග්‍රහණය සත්කාරකයින්ට
රන් මහා සටනේ සඳුන් අර්ධ ශතකයකට මාන බලයි

උදෑසන පටන් එහි පැවතියේ තරමක් අඳුරු කාලගුණ තත්වයකි. කෙසේ නමුත් වර්ෂාව ඇදහැලෙන සේයාවක් දිස්නොවූ අතර ඒ අනුව තරගය නියමිත වේලාවට ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායමේ නායක සවිඳු සිරිවර්ධන පළමුව පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදී සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කළේය.
සම්පූර්ණ වාර්තාව: පළමු දිනය අවසානයේ වේල්ස් කුමරුවන් පෙරමුණේ
මැංගුස් සටනේ පළමු දිනට වර්ෂාවෙන් බාධා
කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (09) පළමු දිනයට නිමා වූයේ අයහපත් කාලගුණ තත්ත්වයට ඉඩ ලබා දෙමිනි.
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මග්ගොන සරේ ගම්මානයට ඉහළ අහසේ පැවති අඳුරු වළාවන් සවස් යාමය වන විට වඩාත් තීව්‍ර වීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් වූ නිලන්ත බෝපගේ සහ තුෂාර ජයසිංහ සවස 3.50ට තරගය පළමු වරට නිතර කළේය. තත්ත්වය තව තවත් තීව්‍ර වීම හේතුවෙන් සවස 4.30ට තරගය පළමු දිනයට නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළේ දිනයේ යැවීමට තිබූ තවත් පන්දු වාර 31ක් අහිමි කර ගනිමිනි.
සම්පූර්ණ වාර්තාව: මැංගුස් හටනේ පළමු දිනයට කාලගුණය හරස් වේ
නිල් මහා සටනේ පළමු දිනයේ දී කළණගෙන් කඩුලු 3ක්

ඩයලොග් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාල නායක පසිඳු සූරියබණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළේය.
සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 166/9d (64.3): සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24, මනුල පෙරේරා 5/43.
රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 33/3 (15): කවිඳු මදරසිංහ 13*, කළණ පෙරේරා 3/16.
සම්පූර්ණ වාර්තාව: කළණගේ කඩුලු ත්‍රිත්වයෙන් වැඩි වාසිය සාන්ත තෝමස් කණ්ඩායමට























