කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සත්කාරක දේශය පරාජය කරයි

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පිවිසීමට සමත් වූහ. පළමු ස්ථානයේ සිටිනුයේ ඉන්දීය ක්‍රීඩිකාවෝ ය. පළමු තරගය නිමාවේ දී ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගෙන සිටිය ද ඊයේ පෙරවරුවේ පැවති පාකිස්තානය හා බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශය ජය ගැනීමත් සමඟින් පාකිස්තානය තෙවැනි තැනට පත්විය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පියවරක් ඉදිරියට
මාලිංග, තිසර ඇතුළු ක්‍රීඩකයින් 4ක් වෙන්දේසියේ

ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර කැනඩාවේ නගර නියෝජනය කරමින් මොන්ට්‍රියෙල් ටයිගර්ස්, එඩ්මන්ටන් රෝයල්ස්, විනිපෙග් ඊගල්ස්, වැන්කුවර් නයිට්ස් හා ටොරෙන්ටෝ නැෂනල්ස් යන කණ්ඩායම් පහ කැනඩාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වන අතර හයවැනි කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් කණ්ඩායමක් එක්වනු ඇත.
සම්පූර්ණ වාර්තාව: මාලිංග, තිසර, දසුන් සහ ඉසුරු කැනඩාවට වෙන්දේසි වේ
තේරීම් කමිටුවට නව මුහුණු

නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අසංක ගුරුසිංහ මහතාගෙන් හිස්වූ තේරීම් කමිටු සාමාජිකත්ව තනතුරට පත් කර ඇත්තේ තරග සංචාරයන් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙනි.
ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත් කිරීම නිසා ඔහුව එම තේරීම් කමිටුවෙන් ඉවත් කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට ද මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටින ගුරුසිංහ මහතාව පත් කර ඇත.
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















