කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
රන් සිංහ දඟයෝ දිනයේ කැපී පෙනෙයි
මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ආරම්භ කරමින් පැවති පළමු දිනයේ (30) දී තරගය සියතට ගැනීමට දෙපිළේම දඟපන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි.
දිනයේ කඩුලු 13ක් දැවී ගිය අතර ඒ අතුරින් රාහුලයන් වෙනුවෙන් සසිත් මනුරංග සහ සජිත් රාජපක්ෂ ද ධර්මපාලවරුන් වෙනුවෙන් චමිඳු සමරසිංහ ද කඩුලු ගිණුම් විවෘත කළහ. දඟපන්දු දඟයන්ගේ දැඩි පීඩනය හමුවේ වූවද දෙවිදුහල් හී ම ආරම්භක පිතිකරුවෝ ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම කැපී පෙණුනි.
සම්පූර්ණ වාර්තාව: 7 වැනි රන් සිංහ සටනේ පළමු දිනය දඟ පන්දු දඟයෝ ග්‍රහණයට ගනිති
පරාජයේ ඉඩෝරය අතරින් ක්‍රීඩිකාවෝ ජයක් ලබති

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කලකට පසු ජයක් ලබති
සුපිරි පළාත් තරගාවලියේ ආරම්භයම ඉතා උණුසුම්

එහි දී ගාලු කණ්ඩායම නියෝජනය කළ රොෂේන් සිල්වා හා දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ අශාන් ප්‍රියන්ජන් තරගාවලියේ පළමු දිනය තුළම ශතක අතරට පිවිසීම කැපී පෙනුනි.
කෙසේ වුවත් මහනුවර කණ්ඩායමේ නායකත්වය හොබවන ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම සුව අතට පත්ව නොමැති බැවින් ඔහු ඊයේ ආරම්භ වන තරගයට ක්‍රීඩා නොකළ අතර මැතිව්ස් පසුගිය 27 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී ඒ බව අනාවරණය කරන ලදි. නමුත් අනෙකුත් තරග සියල්ලටම මහනුවර කණ්ඩායම් නායකයා ලෙස මැතිව්ස් තරග වදිනු ඇත. ඒ නිසාවෙන් ඊයේ දිනයේ මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ලැබිය.
සම්පූර්ණ වාර්තාව: රොෂේන් හා අශාන් නොදැවී ශතක රැස්කරති; පළමු දිනයම උණුසුම්























