කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මලින්ද කඩුලු 6ක්; කෞෂාල් නොදැවී 84ක්

තෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමිව තිබුණේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 210ක් ඉදිරියෙන් සිටීම නිසයි.
දිනය ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වූ ටෝනි ඩී සොර්සි හා කගීසෝ රපුලානා ඔවුන්ගේ ලකුණු සටහන ලකුණු 31ක් වෙද්දී දවා ගැනීමට පුෂ්පකුමාර සමත් විය. ඒ වන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 31 වෙද්දී දැවී ගොස් තිබුණි. රයන් වෑන් ටොන්ඩර් හා ටෙෂ්පැන්ග් දිතොලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළේය.
සම්පූර්ණ වාර්තාව: පුෂ්පකුමාරගේ නොනවතින කඩුලු දඩයම නිසා ශ්‍රී ලංකාව ජයක් අබියස
විද්‍යා ක්‍රීඩකයින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පරදා අවසන් 8ට

අද (29) දිනයේ පැවැත්වෙන ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලය සිය සුපුරුදු ප්‍රතිවාදියා වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ තරග කිරීමට නියමිත අතර තවදුරටත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය ද අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා සටන් වඳිනු ඇත.
සම්පූර්ණ වාර්තාව: විද්‍යා ක්‍රීඩකයින්ගෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට අමිහිරි පරාජයක්






















