කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පාසල් රග්බි තරග නැවත යථා පරිදි

රග්බි ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම පාසල්වල නිලධාරීන්, පාසල් රග්බි සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (25) විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය.
එම තීරණය ගැනීමට ප්‍රථම සියලුම නිලධාරීන් හා පැමිණ සිටි විදුහල්පතිවරුන්, රග්බි ක්‍රීඩාව භාර අචාර්යවරුන්, රග්බි විනිසුරුවරුන් ඇතුළු සියලුම විද්වතුන්ගේ අදහස් හා එම අවස්ථාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර එහි දී සිදු වූ යෝජනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අමාත්‍යතුමා මේ තීරණය ගනු ලැබීය.
සම්පූර්ණ වාර්තාව: පාසල් රග්බි සඳහා පැනවූ තාවකාලික තහනම ඉවතට
ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි; ධනංජය වෙනුවට කිසිවෙකු නැහැ

ශ්‍රී ලංකා කණ්ඩයම ඊයේ (25) කොදෙව් සංචාරයට පිටත්ව ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට පැය 12කටත් අඩු කාලයක් තිබිය දී 24 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා අවාසනාවන්ත වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ දී ජිවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔවුන් සහභාගී වන පුහුණු තරගය මැයි මස 30 සිට ජුනි 01 දක්වා බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
සම්පූර්ණ වාර්තාව: ධනංජයගේ තැනට කිසිවෙකු නැහැ





















