කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්රිකට් –
ඉන්දීය පොඩ්ඩෝ තරගය වේලාසන නිමා කරති

දිනය තුළ යැවිය යුතු පන්දුවාර 90න් 35 වැනි පන්දුවාරයේ දී තරගය නිමා කළ ඉන්දීය යෞවනයෝ තරගයෙන් තුනෙන් දෙකක කාලයක් විවේකීව සිටීමට ලබා ගත්හ.
තරගයේ සිව්වැනි සහ අවසාන දිනය ක්රියාත්මක වෙද්දී ශ්රී ලංකා ක්රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 168ක් ලබා ගත යුතු වූව ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණි. ඒ වෙනුවෙන් ඔවුන් කඩුලු 7ක් බිළි දුන්හ.
සම්පූර්ණ වාර්තාව: ඉන්දීය යෞවනයෝ වේලාසනින්ම තරගය අවසන් කරති
ප්රථම දිනයේ විශිෂ්ට සබඳතාවය

කොළඹ එස්. එස්. සී ක්රිකට් පිටියේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ්රී ලංකා ඉනිම ආරම්භ කළ වමත් පිතිකරුවන් යුගලය වන දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක හට SSC තණතීරුව ඉතාමත් හුරුපුරුදු වන්නේ ඔවුන් දෙදෙනාගේම පළමුපෙළ ක්රීඩා සමාජයේ සත්කාරක ක්රීඩා පිටිය මෙය නිසාවෙනි.
සම්පූර්ණ වාර්තාව: මැදපෙළ අසාර්ථක වෙද්දී දනංජයගෙන් පැන් පොදක්
වැන්ඩර්සේට වැඩ වරදී

වැන්ඩර්සේ හා තවත් ක්රීඩකයින් තිදෙනෙක් දෙවන ටෙස්ට් තරගයේ අවසාන දිනය නිමාවීමත් සමඟ සාන්ත ලුසියා හි රාත්රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර පසුදින උදයේ වැන්ඩර්සේ සිය කාමරයේ නොසිටීම නිසා ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් සාන්ත ලුසියා පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබුණි.
සම්පූර්ණ වාර්තාව: විනය විරෝධී ලෙස හැසිරුණු වැන්ඩර්සේට දැඩි දඬුවම්
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















