කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
පාකිස්තානය ශ්‍රී ලංකාව හඹා එයි

ඒ අනුව සෑම දිනයක් පාසාම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙම ටෙස්ට් තරගාවලියේ අවසන් දිනය දක්වාම ජයග්‍රාහකයෙකු තීරණය කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අවැසි නම් ඔවුන් ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගත යුතු අතර, පාකිස්තානුවන්ට තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ ටෙස්ට් ජයක් වාර්තා කිරීමට නම් තවත් ලකුණු 119ක් රැස්කර ගත යුතුව ඇත.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිළේ ජය ගමනට සෆ්රාස් – ශෆීක් අකුල් හෙලයි!
කමිල් මිශාරගෙන් අර්ධ ශතකයක්

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 213/10 (64.1): කමිල් මිශාර 59, තෙවිඳු සේනාරත්න 46, ගයාන් දිසානායක 38, යුවින් හේරත් 21, සවුම්ය ප්‍රියසේන 5/63, දේවින්ද දිසානායක 2/21.
කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 105/6 (32.2): දුමිදු දනිශ්ක 38, හසිත ගමගේ 28, වෙනුජ මෙන්ඩිස් 3/30, මංජුල පෙරේරා 2/25.
සම්පූර්ණ වාර්තාව: ලක්ශාන් සාන්ත ජෝශප් විද්‍යාලය පන්දුවෙන් ඔසවයි





















