කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු නිල නොවන එක්දින තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට හැකි විය.
ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පිතිකරණයේ නිරත වීමට පිටියට අවතීර්ණ විය.
බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම – 176/10 (48.4): මොන්සන් හොජ් 54, රහකීම් කෝන්වෝල් 37, සුනිල් අම්බ්‍රිස් 16, ලහිරු කුමාර 3/26, අමිල අපෝන්සු 3/34.
ශ්‍රී ලංකා A කණ්ඩායම – 181/8 (48): චරිත් අසලංක 33, ශෙහාන් ජයසූරිය 31*, නිපුන් කරුණානායක 24, අමිල අපෝන්සු 16*, ශෙල්ඩන් කොට්රල් 3/35.
තරගයේ වීරයා – අමිල අපෝන්සු
සම්පූර්ණ වාර්තාව: අපෝන්සුගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි
චමරි අතපත්තුට අනගි අවස්ථාවක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු, ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑශ් තරගාවලියේ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වේ.
අතපත්තු ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් තරගාවලිය සඳහා ගිවිසුම්ගත වීමත් සමඟින් මෙම තරගාවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වීමේ භාග්‍ය ද ඇය හට හිමි වනු ඇත.
තවද මේ වසරේ මැද භාගයේ දී Kia සුපිරි ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ඇය ගිවිසුම්ගත වීමත් සමඟම කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහභාගි වූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත විය.
සම්පූර්ණ වාර්තාව: චමරි අතපත්තුට තවත් ඉතිහාසගත අවස්ථාවක්
පාපන්දු යෞවනයින්ට දරුණු පරාජයක්

ගෝල ලබා ගැනීම
උස්බෙකිස්තානය (10) – අබ්දු සැල්මොව් 3’, 21’, 78’, 89’, සොකිරොව් 63’, 67’, මොස්ගොවෝයි 83’, කෙන්ජාබ්ඒ අයිලම් 18’, 25’, ඉසටොව් 11’.
සම්පූර්ණ වාර්තාව: උස්බෙකිස්තානයෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක්























