කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
නාවික ප්‍රහාරයෙන් ගුවන් භටයෝ අසාර්ථක වේ

තරගය වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේ පැවති අතර දින කිහිපයක් තිස්සේ පැවති අයහපත් කාලගුණය නිසා ඇදහැළුණු වර්ෂාවෙන් ක්‍රීඩා පිටිය මුළුමනින්ම පාහේ මඩ වී තිබීම නිසා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩාශීලි බවට මෙන්ම ලකුණු පුවරුවට ද දැඩි බලපෑමක් එල්ල විය. ධනුෂ්ක පෙරේරා නාවික හමුදා පිල මෙහෙය වූ අතර පරාක්‍රම රත්නායක ගුවන් හමුදා පිල මෙහෙය විය.
අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 10 (1T 1C 1P) -00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: අදීශ වීරතුංග (නාවික)
සම්පූර්ණ වාර්තාව: නාවිකයෝ ගුවන් හමුදාව බිම හෙලති
පොලිස් – CH සටන ජය පරාජයෙන් තොරයි

තරමක් වැහිබර කාලගුණයක් තරගය ආරම්භයේ දක්නට තිබුණු අතර තරගාවලියේ අවසන් සති දෙක නිසාවෙන්ම ප්‍රේක්ෂකයන් අතිවිශාල ප්‍රමාණයක් වර්ෂාව නොතකා පිටියට රොක් වී සිටිනු දක්නට ලැබුණි.
අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 21 (2T 1C 3P ) – CH & FC 21 (2T 1C 3P)
ThePapare.com තරගයේ වීරයා – සන්දේශ් ජයවික්‍රම (පොලිස්)
සම්පූර්ණ වාර්තාව: පොලිස් පිටිය උඩු යටිකුරු කළ CH-පොලිස් සටන




















