කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මිතුරන්ගේ සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දුන් ක්‍රිස්තුරාජ විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 98ක් පමණි. මෙම ඉනිමේ දී උදාන් කොළඹගමගේ (22) සහ ලහිරු සිල්වා (20) ලකුණු අතරට පිවිසි අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට හෝ නොහැකි විය.
ක්‍රිස්තුරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 98 (37.4) උදාන් කොළඹගමගේ 22, ලහිරු සිල්වා 20, සයුරු ජයකොඩි 4/13, කවිශ්ක සපරමාදු 2/09
ලොයෙලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (56.3) ෂෙනාල් චාරුක නොදැවී 77, සයුරු ජයකොඩි 24, ලහිරු සිල්වා 2/30, පසිඳු මලිත් 4/35, මාලින්ද පෙරේරා 3/37
ක්‍රිස්තුරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 239 (55.0) ලහිරු සිල්වා 45, උදාන් කොළඹගමගේ 53, ජූඩ් රොෂාන් 60, ලහිරු පීරස් 38, සයුරු ජයකොඩි 2/47, චරිතාංග ලක්ෂාන් 3/73
ලොයෙලා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 101 (36.0) ෂෙනාල් චාරුක38, සයුරු ජයකොඩි නොදැවී 17, මලින්ද පීරිස් 2/22, නිසල් මාලිංග2/31
සම්පූර්ණ වාර්තාව: මිතුරන්ගේ මංගල මහා තරගය ජය පැරදුමෙන් තොරව නිමා වේ
රාජකීය – වෙස්ලි සටනේ ජය රාජකීය විද්‍යාලයට

රාජකීය විද්‍යාලය – 150 (38.5): කමිල් මිශාර 35, භාග්‍ය දිසානායක 29, මොවින් සුබසිංහ 5/48, ෂෙනාල් දංගල්ල 3/57.
වෙස්ලි විද්‍යාලය – 104 (40.3): ෂෙනාල් දංගල්ල 34, තෙමාල් බණ්ඩාර 4/18, ලහිරු මදුසංක 3/24.
රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 231/6 d (52.4): කමිල් මිශාර 80, පසිඳු සූරියබණ්ඩාර 69, තෙවිඳු සේනාරත්න 41, මොහොමඩ් උබයදුල්ලා 3/65, මොවින් සුබසිංහ 3/67.
වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 146 (44): ජනිත් නුවන්ත 26, ගයාන් ශානක 5/44, තෙමාල් බණ්ඩාර 3/35.
සම්පූර්ණ වාර්තාව: 125 වසරක් ඉපැරණි ශූරතාවය රාජකීයයන්ට
මහනුවර, හැව්ලොක් සහ CR අවසන් පූර්ව වටයට

කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් පාක් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති තවත් තරගයකින් ලකුණු 41-20ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කළේය.
අවසන් තරගය CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 46-29ක් ලෙස ජයග්‍රහණය කළ CR & FC කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.






















