කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ක්‍රිකට්
චන්දිමාල් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරු වූයේ නායක දිනේෂ් චන්දිමාල් ය. ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට ඔහු පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා සිටියේය.
ඔහු තම ටෙස්ට් තරග දිවියේ මේ රැස් කළේ 11 වැනි ශතකයයි. මෙම ශතකය චන්දිමාල් විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එරට දී රැස් කරන ලද පළමු ශතකය වන අතර මීට ප්‍රථම 2015 වසරේ දී මෙරට දී කොදෙව්වන්ට එරෙහිව පළමු ශතකය ලබා ඇත.
සම්පූර්ණ වාර්තාව: නාය ගිය ඉනිම චන්දිමාල් හුදකලා සටනකින් ගොඩ දමයි
ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීමට මහේලගෙන් පිළිතුරක්

ඊයේ උදෑසන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ උපදේශකවරුන් ලෙස තනතුරු භාරගන්නා ලෙස ආරාධනාවක් කර තිබුණා.
සම්පූර්ණ වාර්තාව: මහේල ක්‍රීඩා ඇමතිට පිළිතුරු දෙයි
රග්බි
ඇලෝසියස් ක්‍රීඩකයින් හමුවේ ලකුණු නොලබා රිච්මන්ඩ් ක්‍රීඩකයින් පරාජය වේ

කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු සහ පොලිස් අධිකාරිවරයෙකු වූ ටී. වී. සුමනසේකර මහතාගේ නමින් මේ වාර්ෂික රග්බි තරගය නම් කර ඇත. මේ දක්වා තරග 12ක් ඇලෝසියස් විද්‍යාලයත්, තරග 9ක් රිච්මන්ඩ් විද්‍යාලයත් ජයගෙන ඇති අතර තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. පසුගිය වසරේ දී ලකුණු 19-09ක් ලෙස තරගය ජය ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය.
සම්පූර්ණ වාර්තාව: අඛණ්ඩව දෙවැනි වරටත් ඇලෝසියස් ක්‍රීඩකයෝ ජය පැන් බොති
ඩී. එස්. ක්‍රීඩකයින් හමුවේ මහානාම ක්‍රීඩකයින් පරාජය වේ

පසුගිය වසරේ ලකුණු 46-09ක් ලෙස හිමි වූ දැවැන්ත ජයත් සමඟ පිටියට පිවිසි සේනානායකයන් මේ වන විට පවත්වා ඇති තරග 11න් 8ක් ජය ගනිමින් ඉදිරියෙන් සිටියි. මහානාම විද්‍යාලයට ජය ගත හැකි වී ඇත්තේ තරග 3ක් පමණි.
ඊයේ පැවැත්වූ තරගයේ දී චමුක ෂෙශාන් විසින් සේනානායක කණ්ඩායම මෙහෙය වූ අතර උවින්ද දසනායක විසින් මහානාම කණ්ඩායම මෙහෙයවනු ලැබීය.
සම්පූර්ණ වාර්තාව: සේනානායකයින්ට විශිෂ්ට ජයක්




















