කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ගේ සිහින බොඳ වේ

ඉසිපතන නායක මනිල්ක රුබේරුගේ පාදයේ පන්දුව ගැටීමත් සමඟම නිත්තවෙල ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද වැටීම ආරම්භ වූ අතර කණ්ඩයම් දෙකේම සුපුරුදු රිද්මයට වර්ෂාව හේතුවෙන් පන්දුව ලිස්සා යෑම දැඩි බාධාවක් විය.
අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 10 (1P,1T,1C) – 05 (1T) කිංග්ස්වුඩ් විද්‍යාලය
ThePapare.com තරගයේ වීරයා: මනිල්ක රුබේරු (ඉසිපතන)
සම්පූර්ණ වාර්තාව: අවසාන මොහොතේ උත්සාහක දිනුමෙන් ඉසිපතනයට ජය
හේරත් සහ ලක්මාල් ටෙස්ට් තරග දෙකකට පමණයි

හතළිස් වියැති මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාට නිසි විවේකය ලබා දෙමින් ඔහුගේ ක්‍රීඩා දිවිය ආබාධවලින් තොරව තවත් දිගු කර ගැනීමට පසුගිය වසරේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රමවේදය භාවිතා කරයි. ඒ අනුව බාබඩෝස් හි දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ක්‍රියාත්මක වන තෙවන හා අවසාන ටෙස්ට් තරගයට රංගන ඇතුළත් නොවනු ඇත.
සම්පූර්ණ වාර්තාව: හේරත් සහ ලක්මාල් ටෙස්ට් තරග දෙකකට පමණයි






















