කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හැව්ලොක්, මහනුවර සහ නාවික ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරති

මහනුවර ක්‍රීඩා සමාජය හා කොළඹ CR & FC කණ්ඩායම නිත්තවෙල දී තරග වැදුණු අතර තරගයෙන් ලකුණු 50-15ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි විය.
තෙවැනි තරගය පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති අතර ලකුණු 26-45ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
සම්පූර්ණ වාර්තා සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට
ටෙස්ට් සංචිතය නිකුත් වේ

වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්ට සහය වීම සඳහා උප නායකත්වයට නම් කර ඇති අතර ඔහුට එවන් වගකීමක් පැවරුණු පළමු අවස්ථාව මෙයයි. මේ අතර ඉන්දීය තරග සංචාරය තුල දී ටෙස්ට් උපනායකයා ලෙස කටයුතු කළ ලහිරු තිරිමාන්නට මෙන්ම යොවුන් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම හට ද කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.
සම්පූර්ණ සංචිතය: බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
පානදුර – ගුවන් සටන දින දෙකෙන් විසඳේ

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති මෙම තරගයේ දෙවැනි දිනයේ දී ම ජයග්‍රහණය විසඳුණේ පානදුර ක්‍රීඩකයන්ට ඉනිමක සහ ලකුණු 97ක පරාජයක් හිමි කර දෙමිනි.
පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (46.6): සුරේෂ් පීරිස් 30, විනෝද් පෙරේරා 29, මොහොමඩ් රමීස් 26, දනුෂික බණ්ඩාර 20, මිලාන් රත්නායක 3/44 ශොහාන් රංගික 5/52
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (86.1): හර්ෂණ ජේම්ස් 57, උදයවංශ පරාක්‍රම 25, දුලාශ් උදයංග 96 (නායක 182-6-2) රොස්කෝ තට්ටිල් 48, කමිඳු නානායක්කාර 2/45, දනුසික බණ්ඩාර 3/80, සසිඳු පෙරේරා 3/43
පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 36 (13.3): මිලාන් රත්නායක 5/36, ශොහාන් රංගික 4/00
සම්පූර්ණ වාර්තාව: ගුවන් ප්‍රහාරයකින් පානදුර දෙවැනි දිනයේ ම අනාථ වෙයි





















