කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ශ්‍රේණිගත කිරීම් හි වෙනසක්

එම තරගාවලිය ආරම්භ වීමට පෙර ලොව එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 22 වන තැන දිනා සිටි අකිල දනංජය එම තරගාවලියේ දී කඩුලු 14ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසා එම ලැයිස්තුවේ 21වන තැන දිනා ගැනීමට ඔහුට හැකි වී තිබේ. ඒ සඳහා ඔහු ප්‍රසාද ලකුණු 600ක් සිය නමට ඉදිරියෙන් එකතු කරගෙන ඇති අතර ඔහු ලොව එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මෙතෙක් ලබාගත් ඉහළතම ස්ථානය ද වේ.
සම්පූර්ණ වාර්තාව: අකිල දනංජය ලොව එක්දින පන්දු යවන්නන් අතරේ ඉදිරියට
ප්‍රවීණයෝ රැසක් ලේටන් කුසලානයට සූදානම්

මෙවර ද තරගාවලිය බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රබල කණ්ඩායම් වන යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, MAS කැෂුවල් ලයින්, හෙළ ක්ලෝදින්, MAS ස්ලිම්ලයින්, MAS යුනිචෙලා, MAS ලීනියා, MAS තුරුලිය, විද්‍යාලන් ආදී කණ්ඩායම් රැසක ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නවක ශූරයන් ද සහභාගී වේ.
සම්පූර්ණ වාර්තාව: 77 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය හෙටින් ඇරඹේ





















