කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
පරාජයේ සාපය නිමාවේ

ඒ අනුව දකුණු අප්‍රිකාව හමුවේ පිට පිට තරග 11ක් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම අඳුරු අතීතයට තිත තැබීමට ද සමත් වුනා.
සම්පූර්ණ වාර්තාව: කුසල්-තිසර සහ දසුන්ගේ උත්සාහයන් ලක්මාල් සඵල කරයි
චන්දිමාල් සංචිතයට, දික්වැල්ල එලියට

ඇන්ජලෝ මැතිව්ස් හට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇති අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද මේ සංචිතයට ඇතුළත්ව සිටිනවා.
පසුගිය වර්ෂයේ ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේ දී මැතිව්ස් අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි – විස්ස කණ්ඩායම නියෝජනය කළ අතර බංග්ලාදේශය සංචාරයට හා නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුගේ ආබාධ තත්වය නිසා අහිමි විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ චන්දිමාල් විසිනි.
සම්පූර්ණ වාර්තාව: දික්වැල්ල එළියට චන්දිමාල් ඇතුල






















