කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
කමිඳුගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

දෙරට අතර පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් වූ අතර ඒ නිසා තරග 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට හැකි විය.
සම්පූර්ණ වාර්තාව: කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි
ශ්‍රී ලංකා පොඩ්ඩෝ දෙවැනි තරගය ජය ගනී

නිපුන් සහ පසිඳු අතර සිව්වැනි කඩුල්ලට වූ සබඳතාව ලකුණු 92ක්. ඔවුන් මේ වෙනුවෙන් පන්දුවාර 20ක්ම වැය කළා. එහි ප්‍රතිඵලය වූයේ තරග 5කින් යුත් තරගාවලිය 1-1ක් සේ සම කරමින් නැංගුරම් දැමීමට සත්කාරක ක්‍රීඩකයන්ට හැකි වීමයි. කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දීය යෞවනයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා.
සම්පූර්ණ වාර්තාව: නිපුන් සහ පසිඳු ඉන්දීය යෞවනයෝ ග්‍රහණයට ගනිති





















