කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කුමාර් සංගක්කාරට තවත් වරමක්

කුමාර් සංගක්කාරට අමතරව පාකිස්තානු ක්‍රීඩකයින් වන මිශ්බා උල්-හක් හා යූනිස් කාන් යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම කණ්ඩායම සඳහා තේරී ඇත. ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ලකුණු 28,922ක් වාර්තා කිරීමට සමත්ව ඇත. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරයින් චන්ද්‍රපෝල් ද මෙම 11 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සඳහා තේරී ඇත.
සම්පූර්ණ වාර්තාව: සංගාට තවත් වරමක්
භානුක රාජපක්ෂ ලංකාවට

2010 වයස 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කරමින් ලොව පුරා ක්‍රිකට් විශේෂඥයින්ගේ අවධානය දිනාගත් භානුක කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකි. වමතින් පිත්ත හසුරුවන ඔහු දකුණතින් මඳවේග පන්දු යවන්නෙකුද වන අතර ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පිතිකරු අරවින්ද ද සිල්වා වැනි ප්‍රවීණයන්ද ඔහු ගැන ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වා තිබේ. 2009 වසරේ ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 111කදී ලබාගත් ලකුණු 154 ඔහු ගැන තවත් බලාපොරොත්තු දනවන්නට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: භානුක රාජපක්ෂව ලංකාවට කැඳවයි





















