තම මංගල සත් සාමාජික තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ නිෂෝන් පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් එළඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියර සඳහා ඔහු ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.
ධනුෂ්ක රන්ජන්ට හදිසි ආබාධයක්
ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ…
CH & FC ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන නිෂෝන්, නිමාවුණු ආසියානු තරගාවලියේ දෙවන අදියරේ දී හොංකොං සමඟින් පැවති තරගයේ දී දණහිසේ ආබාධයකට ලක්විය. මේ නිසාවෙන් නිෂෝන් හට මාස 3ක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇත. බොහෝ විට අන්තර් සමාජ තරගාවලියේ පළමු වටය ද නිෂෝන්ට මග හැරෙනු ඇත.

ආසියානු පළමු අදියරෙන් පසු ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා සිටින ගයාන් වීරරත්න තවමත් සුවය ලබා නොමැති අතර ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව මෙවර අදියර වෙනුවෙන් ප්‍රබල අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්නගේ හා වර්තමාන ගුවන් හමුදා ක්‍රීඩක ජෙහාන් සීලගමගේ සහභාගීත්වය අපේක්ෂා කරයි. සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් වර්ණ දිනා ගත් ප්‍රබල “Center” ක්‍රීඩකයෙකු වන සීලගම ගුවන් භටයන් සමඟින් සිය දෙවන අන්තර් සමාජ තරග වාරය ආරම්භ කිරීමට සූදානමින් සිටියි.
ධනුෂ්ක රන්ජන් නැවතත් පිටියට

දකුණු කොරියානු අදියරේ සයවැන්නා ලෙසින් තරගාවලිය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තම මාතෘ භූමියේ දී කුසලාන අවසන් තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
ආසියානු රග්බි ශ්‍රේණිගත කිරීම් හි වෙනසක්
නිමා වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සහ එහි දී ලබා ගත්..
පසුගිය වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජපානය, හොංකොං හා දකුණු කොරියානු කණ්ඩායම් වලට පසුපසින් තරගාවලිය අවසන් කළේය.
ආසියානු තරගාවලියේ තෙවන අදියර සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















