යුපුන් ඇතුළු කණ්ඩායම 100×4 ඉසව්ව වෙනුවෙන් සටනට සූදානම්

Dubai Grand Prix 2025

103
Sri Lanka mens 100×4 team

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත Dubai Grand Prix මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100×4 ඉසව්ව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

හෙට (09) පැවැත්වීමට නියමිත මෙම ඉසව්ව සඳහා යුපුන් අබේකෝන්, චමෝද් යෝදසිංහ, මෙරෝන් විජේසිංහ, දෙනෙත් වීරරත්න සහ චමෝද් දිසානාය්ක යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමේ යුපුන් අබේකෝන් හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් ඉසව්වට සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර, යුපුන් ඔවුන් ව ඩුබායි හිදි මුණගැසෙනු ඇති.

මෙම ධාවන ඉසව්ව පිළිබඳ තරග විස්තර වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>