දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට වඩා ලකුණු 147ක් පසුපසින් සිටිමිනි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් කමිඳු මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.
තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (01) ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ …
දෙරට අතර පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් වූ අතර ඒ නිසා තරග 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට හැකි විය.
හම්බන්තොට දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන වමතින් පිත්ත හසුරුවන රයන් රිකෙල්ටන් සාර්ථක පිතිකරණයක නිරත වූයේ අනෙක් අන්තයේ පිතිකරුවන් අසාර්ථක වන පසුබිමකයි. රිකෙල්ටන් 4 පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබාගෙන දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
කෙසේ නමුත් දකුණු අප්‍රිකානු මැදපෙළ හා මුල්පෙළ පිතිකරුවන් බොහොමයක් පිතිකරණයෙන් ලකුණු අතරට නොපැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 144ක් ලෙස දැක්වෙද්දී කඩුලු 8ක් දැවී ගොස් තිබුණි. දකුණු අප්‍රිකානු නිත්‍ය පිතිකරුවන් හට හොඳ ආදර්ශයක් ලබා දුන් පසුපෙළ පිතිකරුවන් වන නන්ද්‍රේ බර්ගර් හා ජෝර්ජි මහලොක්වානා 9 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු පුවරුව යම් මට්ටමකින් ඔසවා තැබීමට සහය විය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 31ක් හා ලකුණු 29ක් ලබාගෙන ඒ සබඳතාවයට උර දෙන ලදි. ඒ අතරින් බර්ගර්ගේ ඉනිමට 4 පහර 3ක් අන්තර්ගත වූ අතර මහලොක්වානාගේ ඉනිමට අන්තර්ගත වූයේ 4 පහර 4ක් පමණි.
පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. අමතරව නිසල තාරක හා ලහිරු ගමගේ අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.
‘තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය 24 දී වර්ණපුරලා ගහපු ගේම
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි. එ් අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන…
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 216කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් පිටියට පැමිණි අතර දිනය අවසන් වීමට පෙර ලකුණු 34ක් ලබාගෙන සිටි නායක කෞශාල් සිල්වා හා ලකුණු 25ක් ලබාගෙන සිටි සධිර සමරවික්‍රම දැවී ගියේය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින පැතුම් නිස්සංක ලකුණු 4*ක් ලබාගෙන සිටී.
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම – 216 (64.3): රයන් රිකෙල්ටන් 51, නන්ද්‍රේ බර්ගර් 31, ජෝර්ජි මහලොක්වානා 29, කමිඳු මෙන්ඩිස් 4/32.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 69/3 (15.5): කෞශාල් සිල්වා 34, සධිර සමරවික්‍රම 25.
හෙට (3) දෙවන දිනය වෙනුවෙනුත් මේ තරගය ක්‍රියාත්මක වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට හැකි අතර එහි තරග තොරතුරු ද වෙතට සමීප කිරීමට ThePapare.som සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















