පුෂ්පකුමාරගේ නොනවතින කඩුලු දඩයම නිසා ශ්‍රී ලංකාව ජයක් අබියස

2691

කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ අද (28) දිනය තුල කඩුලු 6ක් දවා ගත් දඟපන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර හා නොදැවී ලකුණු 84*ක් ලබාගත් කෞශාල් සිල්වා ඉතාමත් හොඳින් දස්කම් දක්වන ලදි.

චාමික – අශාන් අර්ධ ශතක සමඟින් සාර්ථක සබඳතාවයක්

සංචාරක දකුණු අප්‍රිකානු නැගී එන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය (27) අවසන් වන විට දෙවන ඉනිම…

තෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමිව තිබුණේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 210ක් ඉදිරියෙන් සිටීම නිසයි.

දිනය ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වූ ටෝනි ඩී සොර්සි හා කගීසෝ රපුලානා ඔවුන්ගේ ලකුණු සටහන ලකුණු 31ක් වෙද්දී දවා ගැනීමට පුෂ්පකුමාර සමත් විය. ඒ වන විට දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 31 වෙද්දී දැවී ගොස් තිබුණි. රයන් වෑන් ටොන්ඩර් හා ටෙෂ්පැන්ග් දිතොලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළේය.

එම සබඳතාවයට ජීවය දෙමින්  ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිතොලේ 4 පහර දෙකක් සමඟින් ලකුණු 34ක් ලබාගෙන සිටිය දී කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන ලදි.

වසර හතරකට පසු එක්දින ජයක් සොයා ශ්‍රී ලංකාව දඹුල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (28) රංගිරි…

ඉන්පසුව ගෙවී ගිය මිනිත්තු කිහිපය නම් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට සුබදායක නොවුනේ මාලින්ද පුෂ්පකුමාර ඉතාමත් හොඳින් තරගයේ පාලනය සියතට ගැනීම නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ අවසන් කඩුලු පහ ලකුණු 39ක් තුල දැවී ගියේය. පන්දු යැවීමේ දී පන්දුවාර 23ක් ක්‍රියාත්මක කළ පුෂ්පකුමාර නිලකුණු පන්දුවාර 5ක් ද ක්‍රියාත්මක කරමින් ලකුණු 45කට කඩුලු 6ක් දවා ගන්නා ලදි. අමතරව පුෂ්පකුමාරට සහය වූ යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලකුණු 46කට කඩුලු 3ක් දවාගත්තේය.

ලකුණු 310ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව මේරියන්ස් ක්‍රිකට් සමාජ තණතීරුව මතට සපැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන මාධව වර්ණපුර හා නායක කෞශාල් සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී 4 පහර දෙකක් සමඟ ලකුණු 12ක් ලබා සිටි වර්ණපුර දැවී ගියේය.

බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට පිවිසි පැතුම් නිස්සංක ලකුණු 9කට දැවී ගියත් කෞශාල් සිල්වා හා පැතුම් නිස්සංක  දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ස්ථාවර කරන ලදි. සම්මු අශාන් ලකුණු 20ක් ලබාගත්තේ 4 පහර දෙකක් එල්ල කරමිනි.

දිනය අවසන් වන විට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්ව සිටින කෞශාල් සිල්වා හා සම්මු අශාන් නොදැවුණු ලකුණු 44*ක සබඳතාවයක් ගොඩනංවා ඇත්තේ ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය ගෙන එමිනි. තෙවන දිනය සඳහා තරගය නවතා දමන විට 4 පහර 10ක් සමඟ ලකුණු 86*ක් ලබා ගැනීමට කෞශාල් සිල්වා සමත්ව සිටියි. ඔහු සමඟින් එක්ව අනෙක් අන්තයේ ක්‍රීඩා කරන සම්මු අශාන් නොදැවී ලකුණු 24*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට මේ තරගය ජය ගැනීමට තවත් ලකුණු 153ක් අවශ්‍යව ඇත.

>>ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන පළමු සිව්දින තරගයේ තෙවන දින ඡායාරූප<<

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම – 394/9 (109.5): ටෝනි ඩී සොර්සි 77, මැතිව් බ්රීට්ස්ක් 73, රයන් රිකෙල්ටන් 63,  එතාන් බොෂොප් 55, ටෙෂ්පැන්ග් දිතොලේ 43, මාලින්ද පුෂ්පකුමාර 6/126.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම -194/10 (53.4): චාමික කරුණාරත්න 61, සම්මු අශාන් 51, චරිත් අසලංක 18, ජුනයිඩ් ඩාවුඩ් 2/23.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම දෙවන ඉනිම  – 109/10 (45.5): ටෙෂ්පැන්ග් දිතොලේ 34, මාලින්ද පුෂ්පකුමාර 6/46, කමිඳු මෙන්ඩිස් 3/46.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවන ඉනිම (තෙවන දිනය අවසානයේ) – 157/3 (46): කෞශාල් සිල්වා 86*, සම්මු අශාන් 24*.

මේ තරගය හෙට (29) සිව්වැනි හා අවසන් දිනයටත් පැවැත්වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<