තරංග ඇතුළු කොළඹ කණ්ඩායම අපරාජීතව ඉදිරියටම

896

SLC T20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අද (26) පැවැත්වූ තරගය ද කඩුලු 7කින් ජයග්‍රහණය කළ කොළඹ කණ්ඩායම මේ තරගාවලිය තුල ඔවුන් මෙතෙක් දුරක් රැගෙන ආ අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට රැගෙන යාමට සමත් විය.

17න් පහළ ක්‍රිකට් සටනේ සුපිරි අටේ තරග කාලසටහන නිකුත් වේ

පාසල් ක්‍රිකට් සම්මේලනය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග කාලසටහන…..

මේ තරගය පුරාවට පිතිකරණයෙන් දස්කම් දැක්වූ උපුල් තරංග පන්දු 41ක් තුල 4 පහර 8ක් හා දැවැන්ත 6 පහර 5ක් සමඟින් ලකුණු 81ක් ලබාගෙන කොළඹ කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායමට සවියක් වූයේ අකිල දනංජයයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගාල්ල කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත්තේ ලකුණු 132ක් පමණයි.

ගාලු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ගේ සබඳතාවය පළමු පන්දුවාරය තුලම අවසන් කිරීමට කලකට පසුව පිටියට පිවිසි නුවන් ප්‍රදීප්ට හැකි වූයේ ලකුණු නොලබා සිටි දික්වැල්ලව දවා ගනිමිනි. ඊයේ දිනයේ දී සුපිරි පිතිකරණයක නිරත වූ කරුණාරත්න හට අද දිනයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5ක් පමණි.

17න් පහළ ක්‍රිකට් සටනේ සුපිරි අටේ තරග කාලසටහන නිකුත් වේ

පාසල් ක්‍රිකට් සම්මේලනය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග……

තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවයක් ගොඩනංවා පිටියේ ස්ථාවරත්වය රැකගත් දකුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස් ගාලු ලකුණු පුවරුව ලකුණු 66ක් දක්වා ඉහළ නංවන ලදි. පන්දු 30ක් තුල වර්ණවත් වූ ධනංජයගේ ඉනිමට 4 පහර 6ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. ධනංජය ද සිල්වා හා එක්වෙමින් ගාලු ඉනිම ගොඩනැංවීමට සහය වූ ඔහුගේ සඟයා වන කුසල් මෙන්ඩිස් 4 පහර 3ක් සමඟ ලකුණු 36ක් ලබා ගත්තේ පන්දු 25ක් තුලයි. මීට අමතරව නිශාන් මදුශ්ක ලකුණු 19ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී ගාලු පිතිකරුවන් අසරණ කළ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය නියමිත පන්දුවාර 4 තුල ලකුණු 28ක් පමණක් ලබා දෙමින් වටිනා කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වන උපුල් තරංග හා අවිශ්ක ප්‍රනාන්දු  අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණේ ලකුණු 15ක සබඳතාවයක් පමණි. අනතුරුව තරංග හා එක්වූ නායක චන්දිමාල් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් කොළඹ කණ්ඩායම මේ තරගාවලියේ නොකඩවා අපරාජිතව ලබාගත් සිව්වැනි ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් විය. ලකුණු 81ක් ලබාගෙන සිටි උපුල් තරංග දුශ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දැවී ගිය පසුව ලකුණු 2ක් ලබාගෙන සිටි සම්මු අශාන් ද දැවී ගියේය. නොදැවී ක්‍රීඩා කළ නායක චන්දිමාල් පන්දු 38ක් තුල ලකුණු 38ක් ලබාගත්තේ 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟයි.

පන්දු යැවීමේ දී ගාල්ල කණ්ඩායමේ කසුන් රාජිත හා දුශ්මන්ත චමීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ගාල්ල – 132/8 (20): ධනංජය ද සිල්වා 44, කුසල් මෙන්ඩිස් 36, අකිල දනංජය 3/28.

කොළඹ – 134/3 (16): උපුල් තරංග 81, දිනේෂ් චන්දිමාල් 23*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<