ධනුෂ්ක ගුණතිලක නැවත ලකුණු අතරට පිවිසෙමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයට තරගය ගෙන ආව ද කසුන් රාජිතගේ උපක්‍රමික පන්දු යැවීම හමුවේ අනෙකුත් පිතිකරුවන් අසරණ වීම හේතුවෙන් දඹුලු කණ්ඩායමට එරෙහිව ලකුණු 38ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ගාලු ක්‍රීඩකයෝ අද (29) සමත් වුනා.
දසුන් සහ චරිත්ගේ උත්සාහය අවසන් මොහොතේ ඵල රහිත වේ
තරග කිහිපයක දී ම දැවැන්ත ඉලක්කයන් පසුපස හඹා ගිය ද එය ඉටුකර ගත නොහැකි වූ මහනුවර …
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රීඩකයෝ තම ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 163ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම සඳහා දඹුලු ක්‍රීඩකයන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 125ක් පමණයි.
ලකුණු 164ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන් අතුරින් සාර්ථකම පිතිකරු වූයේ ධනුෂ්ක ගුණතිලක පමණි. ආරම්භක පිතිකරු වී පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක, 5 වැනි කඩුල්ල ලෙසින් පන්දු 58කට මුහුණ දී හතරේ 5ක් හයේ පහර 3ක් සමඟින් ලකුණු 73ක් ලබා සිටිය දී දැවී ගියේ කසුන් රාජිත හමුවේ තම කඩුල්ල අහිමි කර ගනිමිනි. ඒ වන විට දඹුලු ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 108ක් ලෙසයි.
අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණක් එක්වෙද්දී වනිඳු හසරංග (06) ගේ කඩුල්ල ද දවා ගැනීමට කසුන් රාජිත සමත් වුනා. නායක ඉසුරු උදාන සහ රමේෂ් මෙන්ඩිස් කණ්ඩායම වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට උත්සාහ කළ ද, 7 වැනි කඩුල්ලට ලකුණු 15ක් වෙද්දී රමේෂ් (09) ගේ ඉනිම ද නිමා කිරීමට නැවත වරක් කසුන් රාජිත සමත් වුනා.
ඉසුරු උදාන දඹුලු ඉනිම නිමා වෙද්දී නොදැවී ලකුණු 11ක් රැස් කරගෙන සිටි අතර ධනුෂ්ක සහ ඉසුරු හැරෙන්නට අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට ගාලු පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැහැ.
පන්දු යැවීමේ දී කසුන් රාජිත තමන් යැවූ පන්දුවාර 4 දී ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන්ගේ ප්‍රධාන සතුරා බවට පත් වෙද්දී, සහන් ආරච්චිගේ ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව දුශ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තා.
වෙල්ලාලගේ හා පරණවිතානගේ පිතිකරණයෙන් ඉරණම් තීන්දුයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් …
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ගාලු ක්‍රීඩකයන්ගේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ය. ඔහු මෙම තරගයේ දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.
පළමු කඩුල්ල ලෙසින් ලහිරු මිලන්ත (04) ත්, දෙවැනි කඩුල්ල ලෙසින් නායක දිමුත් කරුණාත්න (03) ත් දැවී ගිය පසු ඉනිමේ වගකීම සියතට ගත් පොඩි කුසල් තරමක් ආරක්ෂා වෙමින් ගාලු ලකුණු පුවරුව ඉහළ ඔසවා තැබීමට කටයුතු කළා. ඒ අතර වාරයේ දී ලකුණු පුවරුව 54ක් වෙද්දී ධනංජය ද සිල්වා (04) ද දැවී යෑම ඔහු වෙත තවත් වගකීම් පැවරීමක් බවට පත් වුනා.
කුසල්, ඇන්ජලෝ පෙරේරා සමඟින් සිව්වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 31ක සබඳතාවක් එක් කරමින් සිටිය දී කුසල් දුවද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුනා. ඒ අනුව කුසල්ගේ ඉනිම ලකුණු පුවරුව 85ක් වෙද්දී අවසන් කිරීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වුනා.
අනතුරුව ඇන්ජලෝ පෙරේරා සහ අසේල ගුණරත්න එක්ව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව කණ්ඩායමට එක් කිරීමට සමත් වුනා. දෙදෙනා අතර ලකුණු සබඳතාව 37ක් වෙද්දී ඇන්ජලෝ පෙරේරා පන්දු 32කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් වෙද්දී ඇන්ජලෝගේ ඉනිම අවසන් වුනා. අමිල අපෝන්සු විසින් දවාගත් එම කඩුල්ලට පසුව යැවුණ පන්දුවේ දී අසේලගේ ඉනිම ද අවසන් කිරීමට ඔහු සමත් වුනා. ඒ වෙද්දී අසේල පන්දු 15කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 13ක්.
පසුපෙළින් විත් ඉනිමට තරගකාරී ලකුණු ප්‍රමාණයක් එක් කිරීමට යොවුන් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් සමත් වුනා. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 11කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී අමිල අපෝන්සු ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා. ඔහුට අමතරව ඉසුරු උදාන සහ ලක්ෂාන් සඳකැන් අතර කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගාවලියේ අද පැවැත්වෙන රාත්‍රි තරගය ලෙසින් කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිත අතර තවත් තරග දෙකක් හෙට (30) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
ගාල්ල; කඩුලු 8ක් දැවී 163 (20.0) කුසල් මෙන්ඩිස් 58, ඇන්ජලෝ පෙරේරා 34, ජෙහාන් ඩැනියෙල් නොදැවී 24, අමිල අපෝන්සු 3/22,
දඹුල්ල; කඩුලු 9ක් දැවී 125 (20.0) ධනුෂ්ක ගුණතිලක 73, සහන් ආරච්චිගේ 2/32, කසුන් රාජිත 4/28
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග Dialog TV 123 සහ ThePapare.com වෙතින් සජීවීව නැරඹීමට ඔබට අවස්ථාව උදාකර ඇති අතර සියලු තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න අප සමඟම.
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <